ඉන්ධන හිඟයක් පවතින බවට පැතිර ගිය ආරංචි හේතුවෙන් ඊයේ හා පෙරේදා ඉන්ධන පිරවුම්හල් අසල දැඩි පෝලිම් දක්නට හැකිවිය. කොළඹ අවට මෙන්ම පිට පළාත්වල ද ඇතැම් පිරවුම්හල් ඉන්ධන අවසන් වීම හේතුවෙන් වසා දමා ඇති බව ද වාර්තා විය.
නමුත් මෙම ආරංචිය IOC සමාගම ගෙන්වූ දෝෂ
සහිත තෙල් තොගයක් හරවා යැවීම නිසා කෘත්‍රිමව මවා පෑ හිඟයක් බව මේ වනවිට වාර්තාවේ. රට තුළ බරපතළ පෙට්‍රල් හිඟයක් නොමැති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මේ තත්වය යටතේ නිවේදනයකින් දන්වා ඇත. විෂය භාර නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ ප්‍රකාශ කර ඇත්තේ පෙට්‍රල් හිඟයක් මතුව ඇති බවට පැතිර යන ආරංචි මුළුමනින් ම අසත්‍ය බවය.
කෙසේ වෙතත් එකී ආරංචි හේතුවෙන් ඇතැම් පෙදෙස්වල ඉන්ධන අහවර වී ඇති බව නි.ඇමතිනිය පිළිගෙන තිබෙන අතර ඉන්ධන රැගත් නෞකාවක් සඳුදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද ඒ අනුව තත්වය යළි යථා තත්වයට පත්වනු ඇති බවද කියා සිටියාය. ඉන්දීය තෙල් සමාගම විසින් ප්‍රමිතියෙන් තොර ඉන්ධන තොගයක් ශ්‍රී ලංකාවට ගෙන ඒමත් ඒවා නැවත හරවා යාමට සිදුවීමෙන් පාරිභෝජනයට අවශ්‍ය කොටස මදිපාඩුවක් වීමෙන් මෙම හිඟය මතුව ඇති බව අභ්‍යන්තර තොරතුරු වාර්තා කර තිබේ.
Saturday, November 4, 2017
IOC හොර තෙල් නිසා ඉන්ධන හිඟය මතුවෙලා- සඳුදා වෙනකොට හරියනවා - නි.ඇමති අනෝමා
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment