මෙරට ප‍්‍රමුඛතම ජංගම දුරකන සේවා සපයන්න වන ඩයලොග් සමාගම මහ දවල් මහ මග පාරිභෝගිකයා ගසා කන්නේ යයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ඩයලොග් සමාගම මහ දවල් මහ මග පාරිභෝගිකයා ගසා කයි
ඩයලොග් සමාගමේ ටී ෂර්ට් හා ඩයලොග් බලය ලත් හැදුනුම්පත් පැළදගත් පිරිසක් අද (28) දින නිට්ටඔුව නගරයේ දී ඩයලොග් පාරිභෝගිකයින්ගේ දුරකතන වල ස්ටාර් පොයින්ට් මුදල් බවට පරිවර්තනය කිරීමට හැකියාව ඇති බව පවසා පාරිභෝගිකයින්ගේ ජංගම දුරකතනය ගෙන ඊට ඇප් ඩවුන්ලෝඩ් කර දෙනු ලබන ප්‍රවර්ධන කාර්යක නිරත විය.
මෙහිදී ඔවුන් විසින් පාරිභෝගිකයාට අනවශ්‍ය දිනපතා මුදල් පාරිභෝගිකයාගෙන් අය වෙන ඇප් ඩවුන් ලෝඩ් කරනු ලබයි. පාරිභෝගිකයාට දුරකතන ආපසු දෙනු ලබන අවස්ථාවේ එම දුරකතන අංකයට එන අදාල ඇප් සාර්ථකව භාගත වූ බවට වන පනිවුඩ මකා දමනු ලබයි. මෙමගින් පාරිභෝගිකයාගේ මුදල් ගසා කනවා පමණක් නොව පාරිභෝගිකයාගේ දුරකතනයේ ඇති සියලු දත්තද ලබා ගැනීම සිදු කරනු ලබයි.
පාරිභෝගිකයින් විසින් අදාල පුද්ගලයින් නිට්ටඔූව පොලීසියට භාර දී ඇත. මහාමාර්ගයේ දී කිසිවෙකුටත් තම ජංගම දුරකතනය නොදෙන ලෙස සියලු පාරිභෝගිකයින්ගෙන් අප සංවිධානය ඉල්ලා සිටිමු.
රංජිත් විතානගේ
සභාපති
Wednesday, November 29, 2017
ඩයලොග් සමාගම මහදවල් මහමග පාරිභෝගිකයා ගසා කන්නේ යයි චෝදනා..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment