පෙට්‍රල් හිඟය මේවනවිට ජනජීවිතයට අහිතකර ලෙස බලපෑම් කර තිබේ. දිවයින පුරා වාහන ගමනාගමනය සීමාවී ඇති අතර ඇතැම් වෘත්තීය කටයුතුද නතරවී තිබේ. රැකියාවලට යාම, පාසල් යාම ඇතුළු මහජනතාවගේ අත්‍යවශ්‍ය දෛනික කටයුතු මේ නිසා අවුල්ව ගොස් ඇත.
මෙම තෙල් හිඟය සම්බන්ධ නැව් ප්‍රශ්න බලාකියාගෙන හිඟයකින් තොරව තෙල් අවශ්‍යතා සපුරාලීම රජයේ යුතුකම වුවත් විෂයභාර ඇමතිවරුන් පවා ඒ ගැන කථාකළේ හිඟය ඇතිවී දින දෙකතුනකිනි. මෙම හිඟය කිසියම් පිරිසක් කඩාකප්පල් කාරී ලෙස සිදු කරන්නට ඇතිය යන සැකය ඇමති අර්ජුනද මතු කර තිබුණ අතර හිටපු ඛනිජ තෙල් ඇමතිවරයෙකුවූ පාඨලී චම්පිකද මේ ගැන ඊයේ ඉඟි කළේය.
"හැමදාම හිඟයක් ඇති කරලා වැඩි මිලට තෙල් ගෙන්වනවා. මේවා ගැන කතා කරන්න ගිහින් වරක් මට ඇමැතිකම දාලා යන්න සිදු වුණා" යැයි ඇමැති පාඨලී ඊයේ (06) පවසා ඇත. "ඉන්දියානු තෙල් සමාගම ගෙන්වූ තෙල් බාලවුණේන්, තුන්වැනිදා එන්න හිටිය නැව නොඑන බව දැනුමි දෙන්නෙත්, අපේ තෙල් පිරිපහදුව අක්‍රිය වන්නේත් ස්වභාවික හේතු මත ද නැත්නමි වෙනත් කාරණාවක් නිසා ද යන්න සිතා බැලිය යුතුයි. බාල තෙල් ගෙන්විම, තෙල් හිගය වගේ ප්‍රශ්න මීට කලිනුත් ඇවිත් තිබෙනවා.
අපේ පිරිපහදුව දවසකට ටොන් 550ක් පිරිපහදු කරනවා. රටේ තෙල් අවශ්‍යතාව දිනකට ටොන් දෙදාස් පන්සීයක්. ටොන් දෙදාහක් පමණ අපට ගෙන්වන්න වෙනවා. අපේ ගබඩාවල තෙල් ටොන් 85000, 90000ක් පමණ ගබඩා කළ හැකියි. එය දින හතළිස් පහකට පමණ සෑහෙනවා. නැව් එන අවස්ථාවල අපට මේවා යම් පමණට හිස් කරගන්න වෙනවා. ඔක්තෝබර් 15 නැවක් ආවා. ඒකේ ප්‍රමිතිය බාලයි කියලා 17 දැනගත්තා. අද වෙනකොට මේක දැනගෙන දින විස්සකට ආසන්න කාලයක් ගත වුණා. අපේ තෙල් තොග දවස් පහළොවකට සෑහෙන්න තිබුණා.
නොවැමිබර් මුල අපේ පිරිපහදුව නැවතුණා. ඒ නිසා එයින් එක්වන තෙල් ටොන් පන්සීයත් නැති වෙනවා. ඒ වගේම තුන්වැනිදා එන්න තිබුණ නැවත් හදිසියේම එන්නේ නැහැ කිව්වා. ඒක දැන් එන්නේ 09 වැනිදාලු මේ සියල්ලම මේ විදිහට සිදුවුණේ මුහුදු රළු වෙලා ද? නැත්නමි වෙන ප්‍රශ්නයක් නිසා ද? කියලා කල්පනා කර බැලිය යුතුයි. විදුලිබල ක්ෂේත්රයේත්, තෙල් ක්ෂේත්රයේත් මෙවැනි දේ මතුවන්නේ නිකමි නොවෙයි. මේ පිටුපස තිබෙන කාරණා අපි හොඳින් අධ්‍යයනය කර තිබෙනවා”
Tuesday, November 7, 2017
තෙල් හිඟය පිරිසකගේ කඩාකප්පල්කාරීකාරී වැඩක්? - ඇමති පාඨලීගෙන් හෙළිදරව්වක්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment