ඉන්දියානු කණ්ඩායමේ නායක විරාත් කෝලි ලෝකයේ සියලු පේ්රක්ෂකයින්ගේ කතාබහට ලක්වුණු පළමු ටෙස්ට් තරගයේ අවසාන දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සමග ඇතිකරගත් සිද්ධිය පිළිබදව ජාත්‍යන්තර මාධ්‍යට අදහස් දක්වා තිබේ. එහිදී කඩුලු රකින ක්‍රීඩක යොවුන් පිතිකරු නිරෝෂන් දික්වැල්ල ඉන්දීය නායක විරාත් කෝලිගේ පැසසුමට ලක්ව තිබේ.
නිමාවූ ශ්‍රී ලංකා ඉන්දියා පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනයේදී තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීම සඳහා දික්වැල්ල විවිධ උපක්‍රම අනුගමනය කළ අතර, වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂමී, විරාත් කෝලි හා දික්වැල්ල අතර යම් උනුසුම් වචන හුවමාරුවක්ද සිදුවිය. දික්වැල්ලගේ මෙම හැසිරීම විස්තර විචාරක රසල් ආනල්ඩ්ගේ මෙන්ම සුපිරි පිතිකරු මහේල ජයවර්ධනගේද ඇගයුමට ලක්ව තිබුණි.
‘‘මම ඒ වගේ පෞර්ෂත්වයක් දකින්න කැමැතියි.පිටිය මැදදි ඒ වගේ තරඟකාරිත්වයක් දකින්න මම කැමතියි.ඔහු ඉතා ආඩම්බරයෙන් ඔහුගේ ක්‍රීඩාව ගැන හිතනවා.මෙතෙක් කල් ඔහුගෙන් දුටු දේ වලින් මා පුදුමයට පත්වුණා.අවසාන තරඟාවලියේදීත් මා ඒ දේ දැක්කා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සුවිශේෂි සේවයක් කරන්න ඔහුට හොඳ හැකියාවක් තියනවා…‘‘යනුවෙන් හෙට (24) ආරම්භ වන තරඟයට පෙර පැවති මාධ්‍ය හමුවකදි ඉන්දියානු නායකයා පවසා සිටියේය.
‘‘ මේ ගැන අපි ගුවන් යානයේදීත් කතා වුණා.මගේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයන්න මා ඕනම දෙයක් කරනවා.උනුසුම් අවස්ථා ඇතිවනවා.ඒත් ඒවා පිටිය මැදදීම ඒ දේවල් අවසන් වනවා.ඕනෑම ප්‍රතිවාදියෙකුට අප ගරු කරනවා.පුංචි ක්‍රීඩකයෙකු වුවත් ඔහු ආක්‍රමණශීලී වගේම ධෛර්ය සම්පන්න ක්‍රීඩකයෙක්.එය දිගටම පවත්වගෙන යාම පිලිබඳ ඔහුට ගෞරවය හිමිවිය යුතුයි. ඔහු ශ්‍රීලංකා ක්‍රිකට් වලට හොඳ දේවල් ටිකක් කරයි..‘‘ යනුවෙන්ද ඉන්දියානු නායකයා සඳහන් කරයි.
එම තරඟයේදී පස්වන දිනය අවසානයේ ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 75කට කඩුලු 7ක් බිඳ වැටී අසීරු තත්වයක පසුවූ අතර, තවත් පන්දුවාර කිහිපයක් යොමු කිරීමට අවස්ථාව තිබුණා නම් ඉන්දීය කණ්ඩායමට තරඟය ජයගැනීමේ අවස්ථාවක් පැවිතිණි.
මේ අතර මෙම සිද්ධිය පිලිබදව අදහස් දක්වන දික්වැල්ල පවසා සිටින්නේ කෝලි යනු ලොව සිටින ආවේගශීලී පිතිකරුවෙකු නිසා ඔහුත් පිටිය මැද මෙවන් දේ කරන බවත් කඩුළු රකින විට මෙවන් පීඩනයක් අනෙක් කණ්ඩායමට දීමට තමන්ද උත්සහ කරන බවත් , ඉන්දියානුවන්ට මේ සිද්ධි නිසා අඩුම තරමේ පන්දුවාර දෙක තුනක්වත් අහඅමි වූ බවත්ය.
No comments:
Post a Comment