බැදුම්කර කොමිසමේදී අගමැතිගෙන් ප‍්‍රශ්න අහන්න දප්පුලද ලිවේරා එපා.. ප‍්‍රබල ඇමති තුනක් ජනපති හමුවේ ඉල්ලති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 16, 2017

බැදුම්කර කොමිසමේදී අගමැතිගෙන් ප‍්‍රශ්න අහන්න දප්පුලද ලිවේරා එපා.. ප‍්‍රබල ඇමති තුනක් ජනපති හමුවේ ඉල්ලති..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බැදුම්කර කොමිසමට ගෙනවිත් ප‍්‍රශ්න කිරීමට ලක් කරන්නේ නම් ඔහුගෙන් හරස් ප‍්‍රශ්න ඇසීමට නීතිපතිවරයා පමණක් යොදවන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා පල කරයි.

ඊයේ දිනයේ ජනාධිපතිවරයා මුණ ගැසී මෙම ඉල්ලීම කර ඇත්තේ එජාපයේ ප‍්‍රබල ඇමතිවරුන් තිදෙනෙක් බවද එම වාර්තාවන්හි සදහන්ය. ජනාධිපතිවරයා මෙම ඉල්ලීමට කුමන ආකාරයේ පිලිතුරක් මේ සදහා දී ඇතිදැයි සදහන් නොවුනද අගමැතිවරයා එන සදුදා දිනයේ බැදුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බවද වාර්තාවන්හි දැක්වෙයි.

බැදුම්කර කොමිසමේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් හරස් ප‍්‍රශ්න ඇසීම සිදු කරනුයේ අතිරේක සොලිස්ටඒ ජනරාල් දප්පුලද ලිවේරා සහ තවත් නීතීඥයින් දෙදෙනෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad