අනුරාධපුරේ රැළියේ හිටියේ අටමස්ථානේ වදින්න ආ සෙනගයි.. ශ‍්‍රීලනිප අපේ ජය සහතිකයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 16, 2017

අනුරාධපුරේ රැළියේ හිටියේ අටමස්ථානේ වදින්න ආ සෙනගයි.. ශ‍්‍රීලනිප අපේ ජය සහතිකයි..

ඒකාබද්ද විපක්‍ෂය විසින් අනුරාධපුරයේ පවත්වන ලද ජනතා රැළිය සදහා ජනතාව ගෙන්වා ගත්තේ අටමස්ථානය වදින්න යන බව කියමින් යයි ඇමති චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

එවන් රැළිවලට කිසිදු බියක් නැති බවත් ශ‍්‍රීළනිපය ඉදිරි මැතිවරණයෙන් නියත ජයක් ලබන බවත් ඒ මහතා සදහන් කරයි. මහින්ද රාජපක්‍ෂ මහතා ඉතිහාසය පුරාම කලේ දේශපාලන පක්‍ෂ දෙකඩ කිරීම බවත් කලේම දේශපාලකයන්ට කෙණෙහෙලිකම් කිරීම පමණක් බවත් ඔහු පවසයි.

ඉතිහාසයේ වැඩිම පක්‍ෂ ගණනක් කැඩු නායකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා ඉතිහාසගත වනු ඇතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad