ඡන්දය පැරදුණත් එජාප දීගය අතනොහරින්න ශ‍්‍රීලනිපය තීරණය කරයි.. මහින්ද-මෛත‍්‍රී සාම කතා අවසන්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 3, 2017

ඡන්දය පැරදුණත් එජාප දීගය අතනොහරින්න ශ‍්‍රීලනිපය තීරණය කරයි.. මහින්ද-මෛත‍්‍රී සාම කතා අවසන්..

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව කටයුතු කිරීම සලකා බැලීමට නම් වහා ඉටු කල යුතු කොන්දේසි හතක් සහිතව ඒකාබද්ද විපක්‍ෂයේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිස විසින් ශ‍්‍රීලනිපයට යවන ලද ලිපියට පක්‍ෂ මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක ප‍්‍රතිචාර දක්වයි.

එජාප ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන යෝජනාව සම්බන්ධයෙන් ඔහු පවසන්නේ මෙම තීරණය ගනු ලැබුවේ පක්‍ෂ මධයම කාරක සභාවෙන් බව සදහන් කරයි. පක්‍ෂ දෙක එක්ව කටයුතු කරන්නේ රට ගොඩනැගීම සදහා යයිද පවසන ඔහු එජාපය අතහැර ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන ඉගියක් හෝ පල නොකලේය. මේ තත්වය මත ඒකාබද්දයේ ප‍්‍රධානතම කොන්දේසිය ඉටු නොවීම මත ශ‍්‍රීලනිපය හා ඒකාබද්ද ඉදිරි මැතිවණ සදහා වෙනම කටයුතු කිරීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය.

No comments:

Post a Comment

Post Bottom Ad