අගමැති උපදෙස් නොසලකා ඇමැති ෆයිසර් රට ගිහින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 27, 2017

අගමැති උපදෙස් නොසලකා ඇමැති ෆයිසර් රට ගිහින්


අය වැය විවාද සමයේ විදෙස් ගමන් නොවන ලෙසට අගමැතිවරයා දී ඇති උපදෙසට පිටුපාමින් පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පිටරට ගොස් ඇති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (25) ප්‍රකාශ කළේය. ස්ථාවර නියෝග 23/2
යටතේ විපක්ෂයේ ප්‍රධාන විධායක අනුර කුමාර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

“ඇමැතිතුමා අද ලංකාවට එනවා.... සඳුදා ඇවිත් මේ ප්‍රශ්නවලට උත්තර දේවි යැයි සභානායකවරයා ප්‍රකාශ කරද්දී අනුර දිසානායක මහතා “ මේ දවස්වල පිටරට යන්න එපා කියලා අගමැතිතුමා උපදෙස් දී තියෙනවා නේද” යැයි විමසීිය. “රට යන්න එපා කියලා අගමැතිතුමා කියලා තියෙනවා. යැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

“එතකොට ඇමැති ගිහින් තියෙන්නේ ඒ උපදෙස් නොතකාදැයි දිසානායක මහතා විමසුවේය. ඒ කාර්යය ඉටුවී නැහැ. දැනුම් දීලා නොවෙයි ගිහින් තියෙන්නේ යැයිද සභානායක කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න

No comments:

Post a Comment

Post Bottom Ad