ශ‍්‍රීලනිපය අත ලකුණේ මහපට ඇගිල්ල පොහොට්ටුවේ හැඩයට නමයි.. පොහොට්ටු ඡන්ද දායකයන් ඡන්ද පොලේදී රවටන්න සැරසේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 28, 2017

ශ‍්‍රීලනිපය අත ලකුණේ මහපට ඇගිල්ල පොහොට්ටුවේ හැඩයට නමයි.. පොහොට්ටු ඡන්ද දායකයන් ඡන්ද පොලේදී රවටන්න සැරසේ..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවූ දින සිට මේ දක්වාව පැවති මැතිවරණ සලකුණ වන ‘අත’ ලකුණ වෙනස් කරන්නැයි එම පක්‍ෂය විසින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇති අතර එම ඉල්ලීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විරෝධය පල කර තිබේ.

දැනට මැතිවරණ කොමිසම සතුව ඇති ශ‍්‍රීලනිප සලකුණ වන අත හි මහපට ඇගිල්ල නවා දක්වීමට මෙම වෙනස යෝජනා කර ඇත. ඊට බරපතල ලෙස විරෝධය පල කරමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලෙකම් නීතීඥ සාගර කාරියවසම් මහතා විසින් මැතිවණ කොමිසම වෙත ලිපියක් යොමු කර තිබේ.

යම් හෙයකින් අත ලකුණේ මහපට ඇගිල්ල නැමුවහොත් එය තම පක්‍ෂයේ ලාංඡුනය වන පොහොට්ටුව යයි ඡන්ද දායකයන්ට වරදවා ඒත්තු ගැන්විය හැති බවත් ඔහු පෙන්වා දී ඇත. මෙම වෙනස සිදු කලහොත් එය මැතිවරණයකදී බරපතල අවුල් සහගත තත්වයක් වනු ඇති බවත් එනිසා කිසිසේත්ම මෙම සංශෝධනය ඉඩ නොදිය යුතු බවත් ලේකම්වරයා තව දුරටත් සදහන් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad