ගල්ගමුවේ දළ පූට්ටුවා මරා දළ ගලවා ඇති බව මේවනවිට තහවුරුවී තිබෙනවා. එම සත්ත්ත්වයාගේ සිරුර කැබලිවලට කපා වෙන්කර ස්ථාන කිහිපයක වළලා ඇති බව විශ්වාස කරන්නේ යැයි වනජීවී දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.
ගල්ගමුව,මීගලෑව,හේරත්ගම සහ ගල්කිරියාගම වනජීවී කාර්යාලවල නිලධාරින් සිරුර වළදමා ඇති ස්ථාන සොයා ඒකාබද්ධ මෙහෙයුමක් ද දියත්කර තිබෙනවා. මේ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ද අද (28) එක්ව සිටිනවා. පසුගිය දා පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ගල්ගමුවේ දළ පූට්ටුවාගේ බවට සැක කරන දළ යුගලක් සොයා ගත් අතර එය යාන්ත්‍රික කියතකින් කපා වෙන්කර තිබුණා.
කහල්ලපල්ලකැලේ අභයභූමිය අසල හේරත්ගම දී දළ පූට්ටුවා මරාදමා ඇති බවට සැක කරන අතර හේරත්ගම ග්‍රාම නිලධාරිවරයා සහ වැඩ තහනමට ලක්ව සිටි පොලිස් නිලධාරියකු පසුගිය දා අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් පැමිණ ඇත්තේද අංක තහඩු වෙනස් කරන ලද මෝටර් රථයක බවයි වලාන දූෂණ මර්දන ඒකකය සඳහන් කළේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වනජීවී අමාත්‍යවරයා ඇතුලු අදාළ බලධාරීන් නිහඬ පිලිවෙතක් අනුගමනය කරන බවට පරිසරවේදීන් චෝදනා කරනු ලබයි. ලංකාවේ සම්පූර්ණ ඇත් ගහනය 130 පමණ වන අතර බූරුවන්ගෙන් සැදුම්ලත් වනජීවි දෙපාර්තමේන්තුවට තවමත් එම ඇතුන් 130 දෙනාට ස්ථාන හදුනා ගැනීමේ පහසුකම් සහිත කරපටිය පැළදවීමට නොහැකි වී තිබේ.
යහපාලන රජය දිනෙන් දින ලබන පරාජයන් අතරට පරිසරය සහ වන ජීවී සම්පත විනාශ වීම නිසා සිදුවන හානියද ඇතුලත් විය යුතු අතර අන්ධභාවයෙන් පෙලුනු ස්වභාදහමේ අපූර්ව නිමවුමක් වූ මේ ඇත් රජු ඝාතනය වීමේ වගකීම රජය විසින් භාරගත යුතුය.


No comments:
Post a Comment