අන්තර්ජාලය ඔස්සේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මිය යන දිනයක් අනාවැකියක් ලෙස සඳහන් කරමින් මහජනයා තුළ අසන්තෝෂයක් ඇති කිරීමේ වරදට අත්අඩංගුවට ගත් ජෝතිෂ්‍යවේදියෙකු ලෙසට පෙනීසිටි විජයමුණි විජිත් රෝහණ නැමැත්තා සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි නීතිමය පියවර සම්බන්ධයෙන් විමර්ශන උදෘත නීතිපතිවරයා
වෙත යොමු කර ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (28) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.
මෙම සැකකරු මේ වනවිට ඇප මත මුදාහැර ඇති අතර නඩුව අප්‍රේල් මස 3දා යළි කැඳවීමට ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර නියෝග කර ඇත්තේ. මෙම චෝදනාව දණ්ඩ නීති සංග්‍රහයේ 120 ප්‍රකාරව වරදක් බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා කළා.
සැකකරු විසින් ජනාධිපතිවරයා මේ වසරේ ජනවාරි මස 26දා මියයන බවට අනාවැකියක් පළකර පසුව එය වෙනත් දිනක සිදු වන බවට නැවත අන්තර්ජාලයේ ප්‍රචාරය කර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.
Tuesday, November 28, 2017
ජනපති මියයන බවට අනාවැකි කියූ විජිත් රෝහණට වෙන්න යන දේ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment