විමල්ගේ බෝම්බ කතාවට නීතිමය පියවර ගන්න - බුද්ධදාස ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 4, 2017

විමල්ගේ බෝම්බ කතාවට නීතිමය පියවර ගන්න - බුද්ධදාස ඉල්ලයි


යෝජිත ආණඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය සමිබන්ධයෙන් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්.බුද්ධදාස මහතා පවසයි.

"එතුමාගේ මස්සිනා පළමු වතාවට මීට පෙර පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ අතර එහිදී මන්ත්‍රීවරයෙකු ජීවිතක්ෂ යට පත්වී තවත් කිහිපදෙනකුට තුවාල සිදුවුණි. සාමාන්‍යයෙන් ජනතාව දෙවියන්ට කන්නලව් කිරීමට පොල්ගසනවා එහෙත් බෝම්බ ගසන්නේ ජීවිත විනාශ කිරීමටයි. මෙය සුළුවෙන් සිතිය නොහැකියි. ඔය බෝම්බ ගැසීමේ කතාවේ යටි අරමුණ මේ ජනපතිතුමා සහ අගමැතිතුමා ඝාතනය කිරිමේ වේතනාවයි යනුවෙන් බුද්ධදාස මහතා පැවැසීය. 

මෙම ප්‍රකාශය කර පසුවඳා හෘදයාබාධයක් බව පවසා රෝහල් ගතවූයේ ඒ කතාව ඔහුටම පාරාවළල්ලක් වූ නිසා බවත් මෙය සුළුවට තැකිය හැකි කථාවක් නොවන බවත් හෙතෙම පවසයි. කඩුවෙල පැවැති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් හිටපු නගරාධිපති ජී.එච්.බුද්ධදාස මහතා පැවැසීය.

(අමා ද සිල්වා, කඩුවෙල)


No comments:

Post a Comment

Post Bottom Ad