තමාගේ රියපැදවීමේ දෝෂයකින් තමන්ගේම දියණිය අහිමිකරගත් පියෙකු පිලිබඳ පුවතක් ඊයේ වීරකැටිය, අත්තනයාලේ දී වාර්තා විය.
දිල්සරා තිලක්ෂණි අබේවික්‍රම නැමති දැරිය තම පියා මව ඇතුළු පවුලේ ඥාතීන් සහ ගම්වාසීන් පිරිසක් සමග කතරගම යාමට සූදානම් වී වෑන් රථයට ගොඩවී ඇති බවත් පියා වාහනය පැදවීම අරඹන්නට පෙර පසුපසුට වාහනය ගන්නා අවස්ථාවේ එහි දොර එක්වරම ඇරි දැරිය බිමට වැටුණ නමුත් ඒ බවක් නොදැක පියා දිගටම වාහනය හැරවූ බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.එම අවස්ථාවේ දැරිය ඉතාම දරුණු ලෙස වෑන් රියේ රෝදයකට යටවී තිබේ.
අවුරුදු තුන හමාරක් වයසැතිවූ ඇය බරපතල තුවාල සහිතව රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය බව පසුව වාර්තා විය. ඇය මරණය සබ්බන්ධ හදිසි මරණ පරීක්ෂණය මාරකඩ ඉහළ හදිසි මරණ පරීක්ෂක පී. වීරමන් විමලදාස මහතා විසින් ඊයේ (03) පෙරවරුවේ පවත්වනු ලැබීය.
ඉතා අවාසනාවන්ත ලෙස දැරිය මියගිය අයුරු නිසා ගම්මානයම කම්පනයට පත්ව ඇතැයි වාර්තා වේ.
Saturday, November 4, 2017
පියා පැදවූ වෑන් රියට යටවී තුනහමාරේ දියණිය මරුට
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment