'චොප්පේ ' පොහොට්ටුවෙන් කොළඹට? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 4, 2017

'චොප්පේ ' පොහොට්ටුවෙන් කොළඹට?

කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු වූ කිත්සිරි රාජපක්ෂ නොහොත් 'මරදානේ පොඩි චොප්පේ' ඉදිරි මහා මැතිවරණයට බැසිල් රාජපක්ෂ මහතාගේ 'මල් පොහොට්ටුව' පක්ෂයෙන් තරඟ කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

කොළඹ මරදාන සුදුවැල්ල එජාප සංවිධානයේ ප්‍රධානියා වන කිත්සිරි රාජපක්ෂ මහතා මේවනවිට එජාපයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් බලවත් සේ කලකිරීමට පත්ව සිටින බවට තොරතුරු වාර්තාවීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (03) රාත්‍රී ඔහු හමුවී ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී 'පොහොට්ටුවෙන්' කොළඹට තරඟ කරන ලෙසත් ඔහුට කොළඹ උප නගරාධිපතිකම ලබාදෙන බවටත් පොරොන්දු වී ඇත.

කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මෙම සාකච්ජාවට හිටපු අමාත්‍යවරයකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර හා නීතිඥ ප්‍රේමනාත් දොලකන්ද ඇතුළු පිරිසක් ද සහභාගී වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad