ඉල් පුන් පොහොය අදයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 3, 2017

ඉල් පුන් පොහොය අදයි

ඉල් පුර පසළොස්වක් පොහෝ දිනය අද (03)යි. වස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුර පසළොස්වක පොහොයයි. චීවර මාසයේ අන්තිම පොහොය එනම් කඨිනාස්කරණ විනය කර්මය කළහැකි අවසන් දිනය වීම නිසා මේ පොහොය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් වේ.

මෛත්‍රී බෝධිසත්වයන්, ‍ගෞතම බුදුරදුන්ගෙන් විවරණ ලැබීම, ප‍්‍රථම ධර්මදූත පිරිස වන රහතන්වහන්සේලා හැටනම ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, බුදුරදුන් තුන්බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩම කිරීම, පසුවස් ප්‍රාවරණය කළයුතු දිනය වීම, සැරියුත් මහ රහතන් වහන්සේගේ මව ධර්මය අසා සෝවාන් වීම, සැරියුත් මහ රහතන්වහන්සේ පිරිනිවන් පෑම ඉල් පොහොය දා සිදු වූ සුවිශේෂ සිදුවීම්ය. මෙම සිදුවීම් නිසාත් ඉල් පොහොය ලෝ පුරා සැදැහැවත් බෞද්ධ ජනතාවට ඉතා වැදගත් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad