9 ක් මරා ගෙයි හැංගූ ජපන් සීරියල් කිලර් - සමාජ මාධ්‍ය පණිවිඩ තබා මැරෙන්න හදන කෙල්ලන්ට උපදේශන සපයන්නෙක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 11, 2017

9 ක් මරා ගෙයි හැංගූ ජපන් සීරියල් කිලර් - සමාජ මාධ්‍ය පණිවිඩ තබා මැරෙන්න හදන කෙල්ලන්ට උපදේශන සපයන්නෙක්


පසුගිය ඔක්තෝබර් මස අගදී අභිරහස් ලෙස කාන්තාවන් 8 දෙනෙකු හා පිරිමියෙකු මරා දමා එම ඉරා දැමූ සිරුරු කොටස් රසායනික තුළ ගිල්වා නිවසේ කබඩ් ලාච්චුවල හා ශීතකරණවල සඟවා තැබූ බව කියන ජපන් ජාතිකයෙකු පොලිසියට හසුවූ පුවතක් වාර්තා විය.

 27 හැවිරිදි තකහිරෝ ෂරයිසි නමැති මෙම ඝාතකයා ‘සීරියල් කිලර්‘ කෙනෙකු ලෙස ඇතැම් මාධ්‍ය හඳුන්වාදී තිබු අතර මේ සිදුවීම ජපන් මාධ්‍ය තුළ විශාල ආන්දෝලනයක් ඇති කරවන්නට සමත් විය. මෙම ඝාතන පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ පොලිසියට මෙම ඝාතන 9 න් 8 ක්ම තරුණියන් බව හදුනාගන්නට ලැබුණ අතර ඒ සෑම තරුණියකම සමාජ මාධ්‍ය තුළ ජීවිතය ගැන කළකිරීම් සහිත කියමන් ආදිය ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව මෙසේ මරා දමා තිබී ඇති බවද හඳුනාගන්නට හැකිවිය.

ඝාතකයා සිදු කළ පාපොච්චාරණය අනුව ඔහු සියදිවිනසාගැනීමේ මානසිකත්වය ඇති අයට උපදේශකයෙකු ලෙස සේවා සපයා තිබෙන බව හෙළිව ඇත. ට්විටර් සමාජ ජාලය මුල් කරගෙන ප්‍රේමය හෝ ජීවිත ප්‍රශ්න මුල් කරගෙන කළකිරුණ අය හඳුනාගත් බවත් පසුව ඔවුන්ට පණිවිඩ සපයා ඔවුන්ගේ දුක බෙදාගත් බවත් ඔහු හෙළි කර තිබේ. අනතුරුව ඔවුන්ගේ ජීවිත සකස් කරගන්නට වැඩිදුර උපදේශනය සැලයීමට තමන් වාසය කරන Zama ප්‍රදේශයේ මහල් නිවසට එන ලෙස ඔහු ආරාධනය කර ඇති අතර එසේ එන තරුණියන් තමන්ට මැරෙන්න ඕනෑ යයි කෑගසමින් දුක කියන විට තමා ඔවුන් මරා දමන ලද බව හෙළි කර තිබේ.

සියලු මළ සිරුරු නිවසින් පිටතට රැගෙන නොයා ඒවා කෑලි වලට ඉරා දමා නිවසේ තැන් තැන් වල නරක් නොවන ලෙස තැන්පත් කළ බවද ඔහු ප්‍රකාශ කර තිබේ. මියගිය එක් තරුණියකගේ පෙම්වතෙකු වරක් මෙම නිවසට පැමිණ ඇත්තේ ඇය යන තැන ඔහුට කියා ගොස් තිබුණ බැවිනි.ඒ අවස්තාවේ එම පෙම්වතාවද මරාදමන්නට මොහු කටයුතු කර ඇත.
අවසාන වශයෙන් තවත් තරුනියක මරාදමා තිබුණ අවස්තාවක ඇගේ දෙමාපියන් ඇය ගිය ස්තානය දැනගෙන පොලිසියට දැනුම්දීමෙන් පසු මෙම පුද්ගලයා කොටු විය.





No comments:

Post a Comment

Post Bottom Ad