රජයේ කනිෂ්ඨ රැකියාවල නිරත සේවකයන් අල්ලස් දැලට කොටුකරගත්තත් දේශපාලනඥයන් ඉන් බේරී යන බවට රටේ මතයක් හටගෙන ඇති බැවින් සමාජයෙන් එම මතය මෙන්ම අල්ලසද ඈත් කර තැබිය හැකි ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නනැයි අල්ලස් කොමිෂමේ සහකාර අධ්‍යක්‍ෂ රුවනි වික්‍රමසිංහ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා විත්තිකරුට දඬුවම් නියම කළේය. මෙසේ දඬුවම් නියම වූයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ශාන්ත ප්‍රේමරත්නටය.
2007 නොවැම්බර් මස පළමුවැනිදාත් දෙසැම්බර් 26 වැනිදාත් අතර කාලයේ අම්පාරේ දී විදුලිබල මණ්ඩලයේ රැකියාවක් ලබාදෙන බව පවසා ජී. පුංචිනෝනා නමැත්තියගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ලබාගැනීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි. වෘත්තියෙන් නීතිඥයකුද වූ ශාන්ත ප්‍රේමරත්න මහතා 1988 පැවැති පළමු පළාත් සභා මැතිවරණයේ දී එක්සත් සමාජවාදී පක්ෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කර උතුරු මැද පළාත් සභාවට තේරීපත්වූ අතර එහි පළමු විපක්ෂනායකවරයාද පිය.
අනතුරුව 1994 දී පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ හෙතෙම පසුව පොදු පෙරමුණු ආණ්ඩුවේ වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති ධුරය ඇතුළුව නියෝජ්‍ය ඇමැති ධුර කිහිපයක් දැරීය. පසුකාලීනව ඔහු නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළේය.
No comments:
Post a Comment