ඇමරිකාවේ පදිංචිවන්නට අවසර ලැබෙන ග්‍රීන්කාඩ් ලොතරැයි ක්‍රමය ට්‍රම්ප් අහෝසි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 3, 2017

ඇමරිකාවේ පදිංචිවන්නට අවසර ලැබෙන ග්‍රීන්කාඩ් ලොතරැයි ක්‍රමය ට්‍රම්ප් අහෝසි කරයි


දිගු කලෙක පටන් ශ්‍රී ලංකාව ඇතුළු විදෙස් රටවල පුරවැසියන්ට ඇමරිකාවට සංක්‍රමණය වන්නට හා ස්ථිර පදිංචිය ලබාගැනීමට ඉවහල්වූ “ග්‍රීන් කාඩ්’ ලොතරැයි වැඩසටහන වහාම අහෝසි කරන්නට ඇමරිකානු ජනපති ට්‍රම්ප් ඊයේ (2) තීරණය කළේය.

සිය ජනපතිවරණ ප්‍රචාරණ වැඩසටහනේ පටන්ට ට්‍රම්ප් මෙම තීරණය ලබා දීමට සැලකිල්ලක් දැක්වූ අතර පසුගිය 31 වැනිදා සවස නිව්යෝක් නුවර පා පැදිකරුවන් සහ පදිකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය සිදුකර ඇත්තේ ග්‍රීන්කාඩ් මගින් එරටට ඇතුළුවූ අයෙකු බව හෙළිවීම මෙම තීරණයට ආසන්නම හේතුව බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

උස්බෙකිස්තානයේ සිට සංක්‍රමණිකයකු ලෙස ඇමෙරිකාවේ පදිංචියට ආ 29 හැවිරිදි පොස්ෆුලෝ සයිපෝචි නමැති අයි එස් සබඳතා සහිත තරුණයා මෙම ප්‍රහාරය සිදු කර තිබුණි. අවිධිමත් ලෙස ලොතරැයි ක්‍රමයකින් ඇමෙරිකාවට පැමිණි ත්‍රස්තවාදියකු කළ ක්‍රියාවකින් ජීවිත ගණනක් අහිමි වූ බවත් මෙම වැඩසටහන මගින් ඇමරිකාව අවදානමක් ගතයුතු නැති බවත් ට්විටර් පණිවිඩයක සඳහන් කර ඇති ජනපතිවරයා මින් ඉදිරියට කුසලතා මත පදනම් වූ සංක්‍රමණික වැඩසටහන් දියත් කර ඇමරිකාවට විදේශිකයින් පදිංචිවීමේ අවස්තාව සලසන බවත් දක්වා ඇත.

“ග්‍රීන් කාඩ්” යනු විදේශිකයන්ට ඇමෙරිකාවේ නිත්‍යානුකූල පදිංචිය ලැබීමට ඉඩ සලසා තිබූ වැඩ සටහනකි. මෙම ලෝතරැයිය මගින් ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක්ද ඇමෙරිකාවට සංක්‍රමණය වී එහි නිත්‍ය පුරවැසියන් බවට පත්ව සිටී. ග්‍රීන්කාඩ් ලොතරැයි ක්‍රමය යටතේ මේ දක්වා පදිංචිය ලබාගත් පුරවැසියන්ට මෙම තීරණය නිසා ගැටලුවක් ඇති නොවේ. නමුත් අලුතින් කිසිවෙකු එරටට ග්‍රීන් කාඩ් ක්‍රමයෙන් ඇතුළත් කරගන්නේ නැත.

No comments:

Post a Comment

Post Bottom Ad