සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර නාග්පූර් හි පැවැති දෙවන ටෙස්ට් තරඟය ඉනිමකින් සහ ලකුණු 239කින් ජයගන්නට ඉන්දියානු කණ්ඩායම සමත් වුණා.
තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට තීරණය
කළ අතර ශ්‍රී ලංකා පළමු ඉනිම සඳහා සඳහා සියලූ දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 205ක්. පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය පිල කඩුලු 6 ක් දැවී ලකුණු 610 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා.
එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරාත් කෝලි ද්විත්ව ශතකයක් වාර්තා කළ අතර මුරලි විජේ, චේතිශ්වර් පුජාරා සහ රෝහිත් ශර්මා ශතක රැස් කිරීමට සමත් වුණා. ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැලවීමට ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 405ක් පිටුපසින් සිටිමින් දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු ක්‍රීඩකයින් දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 166ක් පමණයි.
ශ්‍රී ලංකා දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණේ නායක දිනේෂ් චන්දිමාල්. ඔහු ලකුණු 61ක් රැස් කළ අතර සුරංග ලක්මාල් නොදැවී ලකුණු 31ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායමේ රවීචන්ද්‍රන් අශ්වින් කඩුලු 04ක් බිඳ දැමූ අතර ඉෂාන්ත් ශර්මා, රවීන්ද්‍ර ජඩේජා, උමේෂ් යාදෙව් කඩුලු 02 බැගින් දවා ගත්තා.
ශ්‍රී ලංකාදෙවන ඉනිමේ අවසන් කඩුල්ල දවා ගත් රවීචන්ද්‍රන් අශ්වින් සිය ජාත්‍යන්තර ටෙස්ට් කඩුලු 300 සීමාව පසුකර යාමට සමත් වුණා. ඒ අනුව අඩුම ටෙස්ට් තරඟ සංඛාවක් ක්‍රීඩා කරමින් කඩුලු 300 සීමාවට ලඟා වූ පළමු පන්දු යවන්නා බවට පත්වීමට අශ්වින් සමත් වීම විශේෂත්වයක්. ඔහු මෙම තරඟයේ ඉනිම දෙක තුලදී කඩුලු 08ක් බිඳ හෙලීමට සමත්වූණා.
ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි තරඟයේ වීරයා සම්මානයටද හිමිකම් කීවා. තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය එක් තරඟයක් ජයගෙන ඉන්දීය කණ්ඩායම මේ වන විට පෙරමුණේ පසුවන අතර පළමු තරඟය අවසන් වුනේ ජය පරාජයෙන් තොරවයි.
Monday, November 27, 2017
Home
ක්‍රීඩා පුවත්
කෝලි තරඟයේ වීරයා කරමින් 02 වන ටෙස්ට් තරඟයෙන් ඉන්දියාවට වාර්තාගත ජයග්‍රහණයක් - (Photos)
කෝලි තරඟයේ වීරයා කරමින් 02 වන ටෙස්ට් තරඟයෙන් ඉන්දියාවට වාර්තාගත ජයග්‍රහණයක් - (Photos)
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment