ඉදිරියේදී පාසල් ගුරු පත්වීම් වලට උපාධි හෝ ඩිප්ලෝමාධාරීන් පමණයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 25, 2017

ඉදිරියේදී පාසල් ගුරු පත්වීම් වලට උපාධි හෝ ඩිප්ලෝමාධාරීන් පමණයි

ඉදිරියේදී පාසල් පද්ධතියට ගුරුවර ගුරුවරියන් ලෙස කෙරෙන බඳවාගැනීම් වලදී උපාධිධාරී හෝ ඩිප්ලෝමාධාරී වන අය පමණක් ඇතුළත් කරගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පසුගියදා පැවැත්වූ
උත්සවයකදී අනාවරණය විය. පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැති 2014/2016 අධ්‍යයන වර්ෂවල ජාතික අධ‍්‍යන්‍යාපන පීඨවල පාඨමාලා හදාරා අවසන් කළ ඩිප්ලෝමාධාරින් 3,736කට ගුරුපත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයකදි මේ බව ප්‍රකාශයට පත් විය.

ගුරු වෘත්තියට සුදුසුකම් නොමැති ස්වේච්ඡා හෝ අනියම් පදනමින් කිසිවෙක් බඳවා නොගැනීමට අධ්‍යාපන අමාත්‍යනාංශය තීරණය කර ඇත්තේ අධ්‍යපන කේෂ්ත්‍රය විධිමත් කිරීමත්, එහි ප්‍රමිතිය හා ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමත් අරමුණු කරගනිමින් බවත් අධ්‍යාපන කේෂ්ත්‍රයට බඳවා ගන්නා පුද්ගලයන්ගේ  වැටුප් සහ දීමනා වැඩිකිරීම සඳහා ගුණාත්මභාවයේ වැදගත්කම මත මෙම පියවර ගෙන ඇති බවත් පැවසිණි.



No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *