පූර්ණ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය එකඟතාව පළ කර නැතැයි වාරිමාර්ග අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි. එසේ වුවද ජනතාවට අවශ්‍යවන අන්දමේ නව පාලන ක‍්‍රමයක් ඇති කිරීම පිළිබඳව පක්ෂයේ අවධානය යොමු වී ඇතැයි ද හෙතෙම කියයි.
ව්‍යවස්ථා සංශෝධනයක් කරන්නේ බුද්ධාගමට හිමි තැන කොන්දේසි විරහිතව පිළිගෙන පමණක් යැයි ද අමාත්‍යවරයා කීය. ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ පුර්ණ ආශිර්වාදය ඇතිව උන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ඇති එවැනි සංශෝධනයක් ගෙන එන්නට හැකි යැයි විජේමුණි මහතා කියයි. “ඒකබද්ධ විපක්ෂය සමඟ මහින්ද රාජපක්ෂ මහතා කියාගෙන යන දෙයක් තමයි නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට තියෙන තැන නැති කරනවා කියන එක.
අනික් ආගම් හා සම තැන බුද්ධාගම තියනවා කියලත් ඒ අය කියනවා“යැයි ද අමාත්‍යවරයා පැවැසීය. විජිත් විජේමුණී සොයිසා මහතා මේ අදහස් පළ කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අද (11) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. බදුරලියේ වේපනාව ආසන්නයේ මගුරු ඔය ඉහළ ප‍්‍රදේශයේ සිදු වූ නාය යාමකින් ගඟට වැටී ඇති පස් කන්ද ඉවත් කිරීම තවදින පහකින් පමණ ආරම්භ කළ හැකි වනු ඇතැයි වාරිමාර්ග අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය. එම පස් කන්ද නිසා ගඟ ඉහළ ප‍්‍රදේශය මේ වනවිට විශාල ජලාශයක් බවට පත්වී ඇතැයි ද ඒ මහතා පැවසීය.
Wednesday, July 12, 2017
නව පාලන ක‍්‍රමයකට ශ්‍රීලනීපයේ අවධානය
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment