ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගිය වසරේ දී රුපියල් එක් දහස් විසිතුන් කෝටි හැත්තෑ ලක්ෂයක මෙහෙයුම් පාඩුවක් ලබා ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නවතම කාර්ය සාධන වාර්තාවේ සඳහන් වෙයි.
අඩු වූ ඉන්ධන මිල ගුවන් සමාගමේ කාර්ය සාධනය ඉහළ නැංවීමට දායක වූ නමුත් තරඟකාරී සමාගම් එක් කළ අමතර ආසන ධාරිතාව හා සමහර ගුවන් සමාගම් මඟින් ගාස්තු අඩු කිරීම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අදායම අඩු වීමට බලපා ඇති බවද වාර්තාවේ. කෙසේවෙතත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගිය වසරේ දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි බිම් මට්ටමින් කළ මෙහෙයුම් කටයුතුවලින් රුපියල් හයසීය දෙකෝටි පනස් ලක්ෂයක ශුද්ධ ලාභයක් උපයා ඇති අතර එය ඊට කලින් වසර හා සංසන්දනය කිරීමේදී සියයට 37ක ප්‍රගතියක් බව කාර්ය සාධන වාර්තාවේ දැක්වේ.

No comments:
Post a Comment