පුර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟතාව පළ කර නැතැයි වාරිමාර්ග අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (11) වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
කෙසේවෙතත් ජනතාවට අවශ්‍ය වන අන්දමේ නව පාලන ක්‍රමයක් ඇති කිරීම පිළිබඳව පක්ෂයේ අවධානය යොමු කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය. කවර අන්දමේ ව්‍යවස්ථා සංශෝධනයක් කළත් එය සිදුකරන්නේ බුද්ධාගමට හිමි තැන කොන්දේසි විරහිතව පිළිගෙන පමණකැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. ත්‍රෛයිනිකායික මහ නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ පූර්ණ ආශීර්වාදය ඇතිව උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා ඇති එවැනි සංශෝධනයක් ගෙන එන්නට හැකියාව ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

No comments:
Post a Comment