එංගලන්තයේ බටහිර සසෙක්ස් හි හොලමනක් සැරිසරන්න පටන් අරන් තිබ්බේ පහුගිය සති කිහිපය තිස්සෙම. සුදු පාට අමුතු රූපයක් පොළොවට ටිකක් උඩින් පාවෙමින් අමුතු හඬක් නගනවා. මේ සිද්ධියෙන් බයට පත්වුණු සමහරු වාහනත් හප්පා ගත්තා.හුඟක් අය රෑට එලියට යන ගමන් බිමන් අඩු කළා. අන්තිමට බලධාරීන් මේ ගැන හොයන්න ගත්තා. එතකොටයි හෙළිවුණේ මේ හොල්මන කවුද කියල. මේ ඇල්බිනෝ මොනරෙක්. දන්න විදිහට කියනවනම් සුදු මොනරෙක්. මෙයා මෙහෙම අයාලේ යන්න ආවේ කොහේ ඉඳන්ද කියල කවුරුත් දන්නේ නෑ. දැන් මෙයා ආරක්ෂිතව රඳවලා තියෙනවා කුරුල්ලන්ටම වෙන්වුණු ගලවා ගැනීමේ මධ්‍යස්ථානයක.



No comments:
Post a Comment