90 දශකයේ ජනප්‍රියතම ගායන ශිල්පියෙකු ලෙසින් රසික හදවත් දිනා ගත් ප්‍රින්ස් උදය ප්‍රියන්ත අද (11) පස්වරුවේ ඇල්පිටිය නගරයට නුදුරු කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නවඳගල සිරිපුර ග්‍රාමයේ සිය නිවසේ සුසාන භූමියේදී අවසන් ගමන් යාමට නියමිතයි.
1989 වසරේ ඌරගස්මංහන්දිය හි පැවැත් වූ සංගීත පන්තියට එක්වෙමින් සංගීතය හැදෑරීම ආරම්භ කළ ඔහු ජාතික තරුණ සේවා සභාවෙන් බිහිවූ ජනප්‍රිය තලයේ ගායන ශිල්පියෙකු වනවා. විශාරද නිහාල් ගම්හේවා ඔහුගේ සංගීත උපදේශකවරයායි. ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ පියා විශාරද ගුණදාස කපුගේගේ සංගීත ගුරුවරයා වුව ද සිය පියාගෙන් පූර්ණ සංගීත දැනුමක් ලබා ගැනීමේ පින ඔහුට නොලැබුණේ ප්‍රින්ස්ගේ බාල වියේදීම පියා ඔවුන්ගෙන් සමු ගැනීම නිසායි.
“සුදුමල් පොකුරක් අතින් දරා මා
ඔබේ සොහොන ළඟ තනි වී
රහසේ සැලෙනා කඳුළැලි තවරා
සිහිකරනෙමි මගේ පියාණනි"
මේ ප්‍රින්ස් සිය පියා වෙනුවෙන් ලියූ කඳුළු ගීතයකි.
“කැඩපත හමුවේ හිඳිමී
නිරතුරු ඔබ රුව දකිමී
කලා ලොවේ දොර අබියස සිටිමී
ඔබ සිටියා නම් සතුට දැනේ"
ප්‍රින්ස් ඒ තරමටම තම පියාට අපමණ ලෙස ආදරය කළා. 1970 වසරේ ජුනි 13 දා උපන් ප්‍රින්ස් සිය 47 වන උපන් දිනයට දින පහක් තිබියදී සමුගෙන යන්නේ කලක් තිස්සේ ඔහුව පීඩාවට පත් කළ රෝගී තත්ත්වය නිසායි. ප්‍රින්ස් මේ රෝගී තත්ත්වයට ගොදුරු වීම අරඹන්නේ සිය මවගේ වියෝවත් සමග ඇති වූ කම්පනය සමගයි. ඔහු ඩුබායි හි සිටියදී හදිසියේ රෝගාතුර වූ මව ප්‍රින්ස්ව අතහැර ගියා. ඒ කම්පනයෙන් ප්‍රින්ස් රෝගී වූ අතර එවක් පටන් මියයන තෙක්ම ඔහු වෙනුවෙන් සිටියේ ඔහුගේ සොහොයුරිය පමණයි.
ප්‍රින්ස් ඔබට සුබ ගමන්.......
Sunday, June 11, 2017

Home
ඕපාදුප
සුදුමල් පොකුරක් අතින් දරා සිය පියාණන් සොයා යන 'ප්‍රින්ස්' රෝගී වූ ඇත්තම හේතුව ආදරණිය අම්මායි
සුදුමල් පොකුරක් අතින් දරා සිය පියාණන් සොයා යන 'ප්‍රින්ස්' රෝගී වූ ඇත්තම හේතුව ආදරණිය අම්මායි
Tags
# ඕපාදුප
Share This

About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment