දඹුලු විහාරයේ විහාරාධිපති ඇමැති අකිල - මංගල හිමිගෙන් ප්‍රකාශයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 28, 2017

දඹුලු විහාරයේ විහාරාධිපති ඇමැති අකිල - මංගල හිමිගෙන් ප්‍රකාශයක්

දැන් දඹුලු විහාරයේ විහාරාධිපති ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා බව රංගිරි දඹුලූ රජමහා විහාරාධිපති, අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, ආචාර්ය ගොඩගම මංගල හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ(27) මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදීය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දඹුලු විහාරයේ සංරක්ෂණ කටයුතු කරගෙන යාමට අවහිරයක් සිදු කර නොමැති බවත් “දඹුලු විහාරයේ සංරක්ෂණ කටයුතු කරගෙන යනවාද ඔබ වහන්සේගේ අදහස කුමක්ද“ යන්න විමසමින් එම සංරක්ෂණ කටයුතු භාරව කටයුතු කරන භූමපාලී මහත්මිය කතා කළ බවත් ඒ හිමියෝ පෙන්වා දුන්හ. “දැන් දඹුලු විහාරයේ විහාරාධිපති අකිල විරාජ් අමාත්‍යවරයා. එතුමාගෙන් අහලා ඕන දෙයක් කළාට මට කමක් නෑ“ යැයි එහිදී ගොඩගම මංගල හිමියෝ ප්‍රකාශ කර තිබේ.

පෙරේදා වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න මණ්ඩාවල මහතා කියා සිටියේ දඹුලු විහාරය දිනකට රුපියල් මිලියන 2.5 ක පමණ ආදායමක් නිකුත් කරන ප්‍රවේශපත්‍ර තුළින් ලබාගන්නා බවයි. එහෙත් රංගිරි දඹුලූ රජමහා විහාරාධිපති ගොඩගම මංගල හිමියන් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එවැනි ආදායමක් නොලැබෙන බවයි. එමෙන්ම ප්‍රවේශපත්‍ර මගින් ලබාගන්නා මුදල් විහාර සංවර්ධන අරමුදලේ පවතින බවද උන් වහන්සේ එහිදී සදහන් කලහ.

රංගිරි දඹුලු විහාරයට එරෙහිව රජයේ ඇමතිවරුන් මෙසේ අසත්‍ය චෝදනා එල්ල කරන්නේ අස්ගිරි මහ නාහිමි ඇතුළු කාරක සංඝ සභාව විසින් රජය වෙත නිකුත් කල නිවේදනයට ප්‍රතික්‍රියාවක් ලෙස බවත් එම අස්ගිරි පාර්ශවයේ ප්‍රකාශය යටපත් කිරීමේ උත්සාහයක් විය හැකි බවත් උන් වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.

එම වීඩියෝව පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad