රට මුහුණ දී ඇති මුල්‍ය අර්බුදය හේතුවෙන් පන්සල්වල ඇති පිංකැට පවා ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.
රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලැබූ පූජ්‍ය මාගම මහානාම නායක හිමියන් වෙත එම සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් තිස්සමහාරාම පන්නෙගමුව දියබැදිය විහාරස්ථානයේ දී ඊයේ (27) පස්වරුවේ මෙම උත්සවය හිටපු ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අවශ්‍ය වන්නේ තනතුරු ලබා ගෙන සිටින හාමුදුරුවරුන්ට වඩා තනතුරේ ගෞරවය රැකගෙන සමාජයට සේවය කරන නායක ස්වාමීන් වහන්සේලා බවත් දඹුලු ගැටළුවේ දී පිංකැටයේ මුදල් පවා දැන් ආණ්ඩුව ලබා ගැනීමට කටයුතු කරන බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.
බඩු ගැනීමට ගිය විට අප ගෙවන බද්ද අප නොදන්නා බවත් අදායම් නැති නිසා පෝය දිනවලත් සුරාසැල් විවෘත කිරීමට කටයුතු කරන බවත් අනිත් ආගම්වලට නැති විශේෂ තැන බුදුදහමට ලැබී ඇති බව හා එය නැති කිරීමට මෙලෙස කටයුතු කරන බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම අනෙක් උදවියට නමින් කතා කරන ලෙසම ස්වාමීන්වහන්සේලටද නමින් කතා කිරීම සමහර දේශපාලඥයින් සිදු කරන බවත් මේවායින් ඈත් විය යුතු යුගය බොහොම හොදට අස්ගිරියේ සංඝ සභාව පැහැදිලි කර දුන් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
එම වීඩියෝව පහතින්...

No comments:
Post a Comment