පවුලක්ම දිවි නසා ගත් කඹුරුපිටියේ ඛේදවාචකය (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 28, 2017

පවුලක්ම දිවි නසා ගත් කඹුරුපිටියේ ඛේදවාචකය (VIDEO)

මාතර,කඹුරුපිටිය,බෙරලිඅතුර ප්‍රදේශයේදී එකම පවුලේ දරුවන් තුන්දෙනෙකු සහ පියා සියදිවි හානි කර ගැනීමේ සිද්ධියක් වාර්තා විය. දරුවන් තිදෙනා හා ඔවුන්ගේ පියා නිවස ඉදිරිපිට ගෙළ වැළලාගෙන මිය ගොස් සිටියදී ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පෙරේදා (26) රාත්‍රියේ සොයාගෙන තිබූණි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 10 සහ 16 වියැති ගැහැණු ළමයින් දෙදෙනෙකු සහ 14 හැවිරිදි පිරිමි දරුවෙකි.මිය ගොස් සිටින පිරිමි දරුවා සාමණේර හිමිනමක් බවද පොලීසිය සඳහන් කළේය. 44 හැවිරිදි පියා ද ඔවුන් තිදෙනා ආසන්නයේම ගෙළ වැළලාගෙන මිය ගොස් සිටියදී සොයාගෙන තිබූ බවත් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේ දී අදාළ නිවස මුළුමනින්ම දැවී විනාශ වී ගොස් තිබූ බවත් පොලීසිය පැවසීය.

පියා විසින් දරුවන් තිදෙනාගේ දෑත් පිටුපසට කර බැඳ එල්ලා ඔහුද, ගෙල වැලලාගෙන ඇති බවට පොලීසිය විසින් කළ මූලික විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මෙම නිවසේ පදිංචිව සිටි දරුවන්ගේ මව තම සැමියා සමග ඇති කරගත් පවුල් ආරවුලක් හේතුවෙන් මාසයකට පමණ පෙර දරුවන් හා දරුවන්ගේ පියා අතහැර ගොස් සිට ඇති බව පොලීසිය පවසයි. එම සිද්ධිය සම්බන්ධයෙන් කඹුරුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

අම්මා අපව අතහැර ගිය නිසා දිවි නසා ගන්නා බවට දියණියක විසින් ලියන ලද ලිපියක්ද පොලීසියට ලැබී තිබේ.

එම වීඩියෝව පහතින්...


No comments:

Post a Comment

Post Bottom Ad