නව ව්‍යවස්ථා කෙටුම්පතට පෙර පාර්ලිමේන්තුවට වාර්තාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 29, 2017

නව ව්‍යවස්ථා කෙටුම්පතට පෙර පාර්ලිමේන්තුවට වාර්තාවක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදී ජනතාවගේ සහ විද්වතුන්ගේ අදහස් අනුව සංවාදාත්මක හොඳ වාර්තාවක් පළමුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයු කමිටුවේ සභාපති වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව පැවසූවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ ඊයේ (28) පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සම්මන්ත්‍රණයට එක් වෙමිනි. නව ආණ්ඩුක්‍රම කෙටුම්පත සකස් කිරීමට පෙර ඒ පිළිබඳ වාර්තාවක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර එම වාර්තා දෙකෙහි වෙනසක් පවතින බව ද අගමැතිවරයා සඳහන් කළේය. 

මේ අතර බුද්ධාගමට පවතින ප්‍රමුඛතාව ඉවත් නොවන බවත් බලතල බෙදීමේදී රාජ්‍ය බෙදිය නොහැකි බව සියලු දෙනා තීරණය කර ඇති බවත් පැවසූ අගමැතිවරයා මැතිවරණ ක්‍රමය පිළිබඳ, ව්‍යවස්ථාදායක බලය හා අධිකරණ බලය පිළිබඳ සාකච්ඡා කර තීරණය කළ යුතු බවත් විධායක බලතල ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට හිමිව පවතින අතර පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවත් සඳහන් කළේය.

මෙහෙයුම් කමිටුව යටතේ අනු කමිටු 6ක් පත් කරගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වාර්තාව සකස් කෙරෙන අතර හොඳ ව්‍යවස්ථාවක් සකස් කිරීම දීර්ඝ ක්‍රියාවලියක් තුළින් සිදු වන බව ද අගමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad