“අපේ කාලේ වැරදි වුණා“- නාමල් රාජපක්ෂ පිලිගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 29, 2017

“අපේ කාලේ වැරදි වුණා“- නාමල් රාජපක්ෂ පිලිගනී

පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ පාලන කාලය තුළ යම් යම් හුදකලා සිදුවීම් කිහිපයක් සිදුවු බවත් ඒ සඳහා අද වන විට වන්දි ගෙවනා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනෙකු ඊයේ (28) කොළඹ මහාධිකරණයේ ඇප හිමි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. තම ආණ්ඩු කාලයේ සිදුවු ඇතැම් සිදුවීම් රාජ්‍ය සේවකයින් කිහිප දෙනෙකුගේ හා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ අත්තනෝමතික ක්‍රියා කලාපයන් නිසා සිදු වු බව ද නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ළමයෙක් වුවත් ඇහුම්කන් නොදීම නිසා මුරණ්ඩු වන බවත් විශ්වවිද්‍යාල සිසුන්ද එලෙස හැසිරෙන්නේ ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබීම නිසා බවත් ආණ්ඩුව වසර 5ක ධූර කාලය නිම වන තුරු මෙලෙස ගැටළු මඟහරිමින් සිටින බවත් මන්ත්‍රීවරයා සදහන් කළේය. විශ්වවිද්‍යාල සිසුන් විසින්ම පත් කර ගන්නා ලද වත්මන් ආණ්ඩුව මෙලෙස හැසීරීම අද වන විට ඇති ගැටළුව බව ද ඔහු වැඩි දුරටත් පැවසී ය. 

No comments:

Post a Comment

Post Bottom Ad