චැම්පියන්ස් කුසලාන තරගමාලාවේ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබීමට ඉන්දියාව ද සමත් විය. ඒ ලීග් වටයේ ඔවුන් මුහුණ දුන් තෙවැනි තරගයෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 8 ක ජයග්‍රහණයක් ලබා ගනිමිනි. ඒ අනුව ඉන්දියාව අවසන් පූර්ව වටයේදී බංග්ලාදේශය සමග තරග වදිනු ඇත.
ලන්ඩන් කෙන්නින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයා පළමුව පන්දු යැවීම තෝරා ගත්තේය. ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන්ට ඉතිහාසය පුරා බලපාන අවාසනාව නැවත බලපෑ අතර ඔවුන්ට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 191 ක් පමණි. ඒ සඳහා ඔවුන් පන්දුවාර 44.3 කට මුහුණ දුන්නේය.
ඩිකොක් සහ අම්ලා පළමු කඩුල්ලට ස්ථාවර සබඳතාවයක් වාර්තා කරමින් ලකුණු 76 ක් ලබාගත් අතර අම්ලා ලකුණු 35 කට දවා ගනිමින් රවිචන්ද්‍රන් අශ්වින් එම සබඳතාවයට තිත තැබීමට සමත් විය. ඉන්පසු දකුණු අප්‍රිකානුවන්ට ස්ථාවර සබඳතා පැවැත්වීමට ඉන්දියානු පන්දු යවන්නන් අවකාශ ලබා නොදුන් අතර දකුණු අප්‍රිකානුවන්ගේ අවසන් කඩුලු 8 දැවීගියේ ලකුණු 52 ක් තුළදීය. ක්වින්ටන් ඩි කොක් ලකුණු 53 ක් හා පැෆ් ඩු ප්ලෙසි ලකුණු 36 ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේදී බුවනේෂ්වර් සහ බූම්රාහ් කඩුලු දෙක බැගින් ලාබගත් අතර අශ්වින්, පාන්ඩ්‍යා හා ජඩේජා එක් කඩුල්ල බැගින් බිඳහෙළූහ. ලකුණු 192 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඉන්දියානුවන්ගේ පළමු කඩුල්ල ලෙස රෝහිත් ෂර්මා ලකුණු 12 කට දැවී ගියේ ලකුණු පුවරුවේ 23 වැනි ලකුණ සටහන් වෙද්දීය. ඉන්පසු තරගාවලියේ සාර්ථක පිතිකරු ධවාන් සමග එක්වූ නායක කෝලි ලකුණු 128 ක සබඳතාවයක් පැවැත්වූහ. ලකුණු 151 දී ධවාන් දැවීයන විට ලකුණු 78 ක් ලබාගෙන සිටියේය.
එය ඔහු මෙම තරගාවලියේදී ලකුණු 50 ඉක්මවූ තෙවැනි අවස්ථාව විය. ඉන්පසු නායක කෝලි හා එක්වූ යුවරාජ් සිං ජයග්‍රාහී ඉලක්කය සම්පූර්ණ කරගත් අතර ඉන්දියානුවන් ඒ සඳහා මුහුණ දුන්නේ පන්දුවාර 38 කට පමණි. විරාත් කෝලි නොදැවී ලකුණු 76 ක් ලබාගත් අතර යුවරාජ් සිං ලකුණු 23 ක් ලබාගත්තේය. දැවීගිය කඩුලු දෙක හිමිකර ගැනීමට මෝකල් සහ තාහීර් සමත් විය. පන්දුවාර 8 කදී ලකුණු 28 කට කඩුලු 2 ක් දවාගත් ජස්පිට් බූම්රාහ් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.
ඉන්දියාව චැම්පියන්ස් තරගමාලා ඉතිහාසයේ පස්වැනි වරටත් අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගත් අතර ඔවුන් ජුනි 15 වැනිදා බංග්ලාදේශය සමග දෙවැනි අවසන් පූර්ව තරගයට සහභාගි වේ. හෙට (12) ලීග් වටයේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර කෙන්නින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. එම තරගය දෙපිළටම තීරණාත්මක වන අතර ජයගන්නා කණ්ඩායම 14 වැනිදා එංගලන්තය සමග පළමු අවසන් පූර්ව තරගයට මුහුණදීමට නියමිතය.
තරගයේ ලකුණු පුවරුව
Sunday, June 11, 2017

ඉන්දියාවට අවසන් පූර්ව තරග වරම්
Tags
# ක්‍රීඩා පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment