සංගාට වරදී..හතුරුසිංහ ජය ගනී - කැන්ගරුවන් ගෙදර යැවීමත් සමග වෙච්ච දේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 11, 2017

සංගාට වරදී..හතුරුසිංහ ජය ගනී - කැන්ගරුවන් ගෙදර යැවීමත් සමග වෙච්ච දේ

ඔස්ටේ‍්‍රලියාවට ඊයේ (10) එංගලන්තය හමුවේ පරාජය වීමත් සමග ඔස්ටේ‍්‍රලියාවට සිදු වුණේ චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් ඉවත් වීමටයි. කුමාර සංගක්කාර මෙන්ම ඇතැම් විචාරකයන් ඔස්ටේ‍්‍රලියාව මෙවර තරගාවලියේ ශක්තිමත්ම කණ්ඩායම බවට  මත පළ කර තිබූ අතර ඒ සියල්ල එමගින් කණපිට පෙරලී ගියා.

මෙවර තරගාවලියට සහභාගිවන වඩාත්ම සමබර කණ්ඩායම මෙන්ම හොඳ ජයග්‍රාහී මානසිකත්වයකින් යුතු කණ්ඩායම ඔස්ට්‍රේලියාව බවයි ඔහු පෙන්වා දී තිබුණේ. සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 40කින් පරාජය වීමත් සමග  "A" කාණ්ඩයේ චන්දික හතුරුසිංහ පුහුනුකාරීත්වය දරන බංග්ලාදේශය සහ එංගලන්තය මෙවර ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුකම් ලබා ගත්තා.

 ICC තරගාවලියක බංග්ලාදේශය අවසන් පූර්ව වටයකට පිවිසි පළමු අවස්ථාව මෙයයි. ඊයේ තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ටේ‍්‍රලියාව නියමිත පන්දුවාර පනහේදී කඩුලු 09ක් දැවී ලකුණු 277ක් ලබා ගත් අතර අතර ජය තීරණය කෙරුණේ ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුවයි. තරගය නතර කරන විට එංගලන්තය පන්දුවාර 40 යි පන්දු 02ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 240 ක් ලබා සිටියා. ඒ අනූව  ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 40ක ජයක් එංගලන්තයට හිමි වුණා.

No comments:

Post a Comment

Post Bottom Ad