ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රජයේ ඉඩමක අනවසරයෙන් ගල් කොරියක්
පවත්වාගෙන යාමේ සිද්ධියකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්
අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියැදුරු ලෙස
සේවය කළ යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරන
ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද(13) නියෝග
කළාය.
මෙම සිද්ධියට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක 08 අංශය විසින්
අද අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම
කරුණු අනාවරණය විය. ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා අද පෙරවරුවේ මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබූ ඔහු ප‍්‍රකාශ ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබීය.
Tuesday, June 13, 2017
හිටපු ජනපති මහින්දගේ රියදුරු රිමාන්ඩ්
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment