ගුවන්සේවා අධිකාරිය ඇඟ බේරා ගනී..! මන්ත්‍රී පියංකරට එරෙහිව නඩු..!! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 11, 2017

ගුවන්සේවා අධිකාරිය ඇඟ බේරා ගනී..! මන්ත්‍රී පියංකරට එරෙහිව නඩු..!!

හිටපු අමාත්‍ය පියංකර ජයරත්න සිය ධූර කාලය තුළ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය දුෂණ අක්‍ර‍මිකතා සිදු කිරීමට පෙළඹවීම ඇතුළු චෝදනා 5කට අල්ලස් කොමිසම නඩු පවරා තිබේ.

පියංකර ජයරත්න සිවිල් ගුවන්සේවා අමාත්‍ය ධූරය දරන ලද කාලය තුළ ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තමාට රිසිසේ විදෙස් සංචාර අනුමත කරවා ගැනීම, තම හිතවතුනට උසස්වීම් ලබාදීම, අනවශ්‍ය ව්‍යාපෘති අනුමතකරවා ගැනීම වැනි කටයුතු සිදුකර ගැනීම වෙනුවෙන් මෙම තනතුර ඔහුට සකස්කොට දී ඇති බව අධිකාරී සේවකයින් පවසයි. එපමණක් නොව මන්ත්‍රීවරයාගේ දියණියටද මෙවැනිම තතුරක් ස්ථාපිත කර දී ඇති බවද ඔවුන් පවසයි.

2011 අගෝස්තු 16 වනදා සිට 2012 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ස්ථාපිත කර නොමැති සංවර්ධන සැලසුම් සම්බන්ධීකරණ පෞද්ගලික ලේකම්වරයා ලෙස අදාළ පත් කිරීම සිදු කර ඇත. නමුත් මේ සියල්ලට දැන් වගකිව යුත්තේ එකල සභාපති ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයයි. අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකාරියේ රිංගීමට ඇති සියලු සිදුරු අමාත්‍යවරයාට පෙන්වමින් සූක්ෂම ලෙස අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අවසන් තීරණය ලබාදීමේ කොටස පවරා ඇත. නමුත් ගුවන්සේවා අධිකාරී ප්‍රධානියාද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.

තවද පියංකර ජයරත්න මන්ත්‍රීවරයාට විරුද්ධව අධිකාරියේ මූල්‍ය අංශ ප්‍රධානියා විසින් ගොනුකළ පැමිණිල්ලක්ද කොම්පඤ්ඤවීදිය පොලිසියේ සටහන්ව ඇති අතර එය මතු ආරක්ෂාව වෙනුවෙන් යයි කියමින් පැමිණිල්ල සඳහා මූල්‍ය අංශ ප්‍රධානියා යොමුකොට ඇත්තේද මෙකී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසිනි.

No comments:

Post a Comment

Post Bottom Ad