ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීගමුව දිස්ත්‍රික් රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇති බව වාර්තා වේ. අද (28) පෙරවරුවේ එම රෝහලට ගිය ජනාධිපතිවරයා රෝහල් කටයුතු පිළිබඳව සොයා බලා ඩෙංගු විශේෂ ප්‍රතිකාර ඒකකය භාර විශේෂඥ වෛද්‍යවරයා සමඟ ද සාකච්ඡාවක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මීගමුව සහ අවට ප්‍රදේශවල ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් දැනට රෝහලේ ඩෙංගු වාට්ටු සංකීර්ණයේ අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. රෝහලේ අනෙකුත් සංවර්ධන කටයුතු පිළිබඳවද සොයා බැලූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

No comments:
Post a Comment