මහජනතාවට සේවයක් කිරීමේ අරමුණින් තමා ආණ්ඩුවට එක් වූ බවත් එම කටයුත්ත
සිදු නොවන්නේ නම් ආණ්ඩුවේ තව දුරටත් සිටීමෙන් පලක් නැති බවත් සංචාරක
සංවර්ධන සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය ඇමති අරුන්දික ප‍්‍රනාන්දු
මහතා පවසයි.
උදයංග වීරතුංග සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබාදීමට ඊයේ(27) පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණියේය. ඉන් පැය කිහිපයකට පසුව ඉන් පිටතට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසී ය. කෙසේ වෙතත් තමන් ආණ්ඩුවේ සිට ආණ්ඩුවට විරුද්දව කුමන්ත‍්‍රණය නොකරන බවත් ආණ්ඩුවෙන් යන්නේ නම් කෙලින්ම කියා යන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය.
අවස්ථා දෙකකදී උදයංග වීරතුංග හමුවූ බවත් ජාත්‍යන්තර වරෙන්තුවත් තිබුණ බවට කීවද තමාට පොලීසියේ රාජකාරීය ඉටු කළ නොහැකි බවත් පැවසූ නියෝජ්‍ය ඇමැතිවරයා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අහිංසක බවත් තමාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස ඉහළින් නියෝගයක් ලැබී ඇති බවත් කියා සිටියේය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හමුවීම ගැන ඇතැම් අයට ප්‍රශ්නයක් වී ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා හොරෙන් ගොස් මුණ ගැසීමට තමන්ට උවමනා නැති බවත් තමාට ඕනෑම තැනක ප‍්‍රසිද්ධියේ මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසීමට හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.
එම වීඩියෝව පහතින්,

No comments:
Post a Comment