ඈත අතීතයේ මිනිසුන් පණිවුඩ හුවමාරු කර ගැනීම සඳහා පක්ෂීන් යොදාගත් බව අප හැම දන්නා කරුණකි.ඒ අතරින් පරවියාට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. එදා පණිවුඩ හුවමාරු කරගැනීමට මේ අහිංසක සත්වයා යොදා ගැනුනද අද වනවිට විවිධ සාපරාධි අරමුණු වෙනුවෙන් මෙම සත්වයා යොදාගන්නා බව පෙනෙන්නට තිබේ.
මේ එවැනි පුවතකි.
ඉරාක දේශ සීමාවේ සිට පියාඹා එන,ශරීරය වටා පටියක් බැඳ තිබූ පරවියෙකු ගැන අල්-අබ්ඩිල්ලි දේශ සීමා පිවිසුම් ස්ථානයේ රාජකාරි වල නිරතව සිටි රේගු නිළධාරීන්ට සැක සිතී ඇත. රේගු නිලධාරීන් පරවියා ගමන් ගන්නා මාර්ගය කීප වතාවක් නිරීක්ෂණය කරමින් කුමන ස්ථානයකට පියඹා යනවා දැයි පරීක්ෂා කර ඇත.
පියාඹා ගෙන ගොස් පරවියා නිවාසයක වහලයක් මත නතර වී ඇති අතර රේගු නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා පරවියා අල්ලා ගන්නා ලදී. අල්ලා ගත් පරවියා පරීක්ෂා කිරීමේදි, පරවියාගේ ශරීරය වටේ පටිවලින් ගැට ගසන ලද කුඩා කවරයක සඟවන ලද ඇම්පෙටමින් පෙති 178ක් සොයා ගැනීමට රේගු නිලධාරීන් හැකි වී ඇත.
වැඩිදුර කරුණු සොයා ගැනීම සඳහා රේගු නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
Wednesday, May 24, 2017
රේගු නිළධාරිනුත් මවිත කරමින් පරවියකුගේ පිටෙන් හමුවූ දේ (PHOTOS)
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)




No comments:
Post a Comment