රවී වැඩ අල්ලයි - වහාම වාර්තාවක් කැඳවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 24, 2017

රවී වැඩ අල්ලයි - වහාම වාර්තාවක් කැඳවයි

ලොවපුරා සෑම රටකටම පත් කර සිටින තානාපති සේවයේ ඉහළ නිලධාරීන් පිළිබඳ වාර්තාවක් කැඳවීමට නව විදේශ ඇමැති රවී කරුණානායක මහතා සූදානම් වෙයි.

ඒ අනුව මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන්, නියෝජ්‍ය මහ කොමසාරිස්වරුන් හා කොන්සල් ජනරාල්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික දූත සේවයේ සිටින සියලුම ඉහළ නිලධාරීන් පිළිබඳ වාර්තාවක් කැඳවීමට නව විදේශ ඇමැති රවී කරුණානායක මහතා තීරණය කර ඇත. අගමැතිවරයාගේ උපදෙස් අනුව නව විදේශ ඇමැතිවරයා මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

විදේශ කටයුතු අමාත්‍යංශයේ වැඩ භාර ගත් විගසම ඉහත වාර්තා කැඳවන ලෙස රවී කරුණානායක මහතා විසින් නිල නියෝගය නිකුත් කිරීමට නියමිතය. තානාපති ප්‍රජාවේ ඉහළ නිලධාරීන්ට අදාල වාර්තාව කැඳවීමෙන් පසු තානාපති කාර්යාලවල සේවයට යවා සිටින සුළු සේවක කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන්ද සම්පූර්ණ වාර්තාවක් කැඳවීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad