තවත් නිළියකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක් කරලා - අපරාධකරුවන් සොයා මෙහෙයුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 30, 2017

තවත් නිළියකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක් කරලා - අපරාධකරුවන් සොයා මෙහෙයුමක්

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බව පැවසෙන අසැබි වීඩියෝවක් පසුගිය කාලයේ සමාජ ජාල තුල හා අන්තර්ජාලයේ වෙබ් අඩවි වල සංසරණය වූ අතර එහි උණුසුම මැකී යන්නත් පෙර තවත් ජනප්‍රිය නිළියකගේ බව පැවසෙන නිරුවත් වීඩියෝවක් ෆේස්බුක් සමාජ ජාලය හරහා මේවනවිට ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

එය මේ වනවිට වසංගතයක් තරමට සමාජය වෙලා ගෙන පවතින අතර මෙය මිනිසුන්ගේ පුද්ගලිකත්වයට විශාල තර්ජනයක් වී තිබෙනවා.  මෑත කාලයේ දිගින් දිගටම සිදුවූ මෙවන් සිදුවීම් සම්බන්ධව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි  කිහිපයක්ම ලැබී ඇති අතර ඒ අනුව එම දෙපාර්තුමේන්තුව විසින් අනතර්ජාලය ඔස්සේ ලිංගික හිංසන සිදුකරන්නන් සොයා හදිසි මෙහෙයුමක් ආරම්භකොට තිබෙනවා.

 අන්තර්ජාලය ඔස්සේ සිදු කරන මෙවැනි අපරාධ නීතියේ රැහැනට හසුකරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ පිළිබඳ විශේෂ ඒකකය නවීන තාක්‍ෂණික සන්නිවේදන උපකරණවලින් සන්නද්ධ කොට ඇති අතර නීතියේ රැහැනට හසුවන පුද්ගලයන් හට  2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත යටතේ නීතිමය කටයුතු සිදුකිරීමට නියමිතයි.

එම පනතට අනුව අන්තර්ජාලය මගින් සිදු කරන අපරාධ වලට වැරදිකරුවෙකු වුවහොත් වසර පහ දක්වා බනධනාගාර ගතවීමට පවා සිදුවිය හැකි බව  නීතියේ පවතිනවා.

No comments:

Post a Comment

Post Bottom Ad