පාලිත තෙවරප්පෙරුම දේශපාලනයෙන් සමුගනියි ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 30, 2017

පාලිත තෙවරප්පෙරුම දේශපාලනයෙන් සමුගනියි ?

කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුමන්ත්‍රී, සංස්කෘතික කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පපෙරුම දේශපාලනයෙන් සමුගන්නා බව පවසනවා.

එය මේ වනවිට මාධ්‍ය කළඹන පුවතක් වෙලා. එම තීරණය තමා ගනු ලැබූවේ මෙම ආපදා තත්ත්වයට පෙර බවයි එහිදි ඔහු කියා සිටියේ. දේශපාලඥයකු ලෙස සමාජ සේවා කටයුකතු වල යෙදීමේදී ඇතැම් විට සිදුවන සිදුවීම් ඊට හේතුව බවයි ඔහු පවසන්නේ. තමාට දැන් දේශපාලනය කළා හොඳටම ඇති බවත් සමාජ සේවයේ දිගින් දිගටම නිරතවන බවත් අමාත්‍යවරයා එහිදී පැවසුවා.

මේ වනවිට ඇතිව තිබෙන ආපදා අවස්ථාවේදී අමාත්‍යවරයා කැපී පෙනෙන ප්‍රායෝගික වැඩ කොටසක් ඉටු කළ අයෙකු ලෙස ජනතා ප්‍ර‍සංශාවටද ලක්වෙනවා, ඒ වගේම ඔහුගේ එම ක්‍රියාවන් මාධ්‍ය තුළින් ද විශාල ලෙස අගයනවා. මෙය ඔහු නීත්‍යානුකුලව ප්‍රකාශ කර නැති බවත් දැනගන්නට ලැබෙනවා,

No comments:

Post a Comment

Post Bottom Ad