කොළඹ මුහුදේ ගිනිගත් නැවේ ප්‍රතිහාර්යයකින් බුදු පිළිමයක් මතුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

කොළඹ මුහුදේ ගිනිගත් නැවේ ප්‍රතිහාර්යයකින් බුදු පිළිමයක් මතුවෙයි

කොළඹ වරායට ආසන්න මුහුදේදී දින ගණනක් ගිනි ගනිමින් තිබියදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ එක්ව නිවා දැමූ  ''ඩනියෙලා" නෞකාවේ දැවී ඇඹරී ගිය යකඩ කන්ටේනරයක් තුළ නිරුපද්‍රිතව තිබූ බුදු පිළිම සියැසින් දුටු වරාය සෝවකයෝ මවිතයට පත්වූ මෙම පුවත ''ජනයුගය"ට සැල කළහ. 

යකඩ පවා ගිනිගෙන ඇඹරී තිබියදී එම බුදු පිළිම රඳවා තිබූ ලී රාමු පවා සුරක්ෂිතව තිබීමද අරුමයක් විය. ගින්න නිවා දමා කොළඹ වරායට නැව රැගෙන ආ පසුව නැවට නැඟ ගත් වරාය සේවකයන්ට මෙම විශ්මිත දසුන දැක ගන්නට ලැබී ඇත. සමහර සේවකයෝ මේ පුදුමුය තම ජංගම දුරකථනවලින් ඡායාරූප ගත කර තිබිණි.

උපුටා ගැනීම - ජනයුගය පුවත්පතිනි

No comments:

Post a Comment

Post Bottom Ad