හාස්කමකින් මෙන් අනුරාධපුරයට පිඬු සිඟා වැඩි මහ රහතුන් වහන්සේ සහ පුදබිම්වල සිදුවන හාස්කම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 5, 2017

හාස්කමකින් මෙන් අනුරාධපුරයට පිඬු සිඟා වැඩි මහ රහතුන් වහන්සේ සහ පුදබිම්වල සිදුවන හාස්කම්

අනුරාධපුරය නගරය ආසන්නයේ තිඹිරිකඩවල ගමේ තරුණයකු සහ ගමේ තවත් කිහිප දෙනකු පිඬු සිඟන හිමිනමක් පසුගිය සමයේ දැක ඇති අතරෙ, උන් වහන්සේ ක්ෂණයෙන් අතුරුදහන්ව ඇති බවද ඔවුන්ගේ ප්‍ර‍කාශ වලින් පැහැදිළි වේ.

මේ සම්බන්ධයෙන් ලිපියක් සම්පාදනය කළ අනුරාධපුරයේ මාධ්‍යවේදී බුද්ධික මහේෂ් විජේසූරිය එම සිදුවීම අප සමග පැවසුවේ සෙලෙසිනි.

“මේ හාමුදුරුවන්ගෙ කතාව අපි දැනගත්තෙ ත්‍රිරෝද රථයක් පදවන තරුණයෙක්ගෙන්. ඔහු ඉතා ගුණයහපත්, වැරදි නොකරමින් දාන මාන දෙමින් ජීවත් වෙන තරුණයෙක්. දවසක් එයා උදේ කාලයේ ත්‍රීවීල් එකෙන් ගෙදරට යමින් ඉඳල තියෙනව. ඒ වෙලාවෙ එයා දැකල තියෙනව පිඬු සිගා වඩින හාමුදුරු කෙනෙක්. ඔහු ආගමට දහමට ලැදි නිසා දවල් දානෙට ගෙදරට වඩින්න කියල ආරධනා කරල ත්‍රීවීල් එකේම ගෙදරට වඩම්මගෙන ගිහින් දන් පිරිනමල. මොකක් හරි භාජනයක් ඇතුලෙන් තියල එන පොඩි වෙලාවට හාමුදුරුවො නැතිලු.

ගේට්ටුව ළඟට ගිහින් පාර දෙපැත්තම බලල. පේන්න ඉඳල නැහැ. හැබැයි ගත වෙච්ච වෙලාව බැලුවම එච්චර දුරක් යන්න ලොවකුත් නැහැ කියල ඒ තරුණය අපි එක්ක කිව්වෙ. අන්තිමට ඔහු ත්‍රී වීල් එකෙන් ඒ හාමුදුරුවො වැඩියෙ කොහෙටද කියල බලන්න ගොඩක් දුර ගිහින් තියෙනව. හැබැයි හමු වෙලා නැහැ. ඔහු මගදි හමුවුණ කිහිප දෙනෙක්ගෙන් අහල තියෙනව හාමුදුරු කෙනෙක් වඩිනව දැක්කද කියල. කීප දෙනෙක්ම කියල තියෙනව පිඬු සිඟා වඩින හාමුදු කෙනෙක් දැක්ක හැබැයි දැකල ආපහු බලද්දි ක්ෂණයෙන් අතුරුදහන් කියල.

ඒ හාමුදුරුවන්ගෙන් වෙන කිසිම හාමුදුරු කෙනෙකුගෙන් නොදුටු හිතාගන්න බැරි තරම් ප්‍රියමනාප බවක් දුටුව කියලයි ඔහු කිව්වෙ. ඒ තරුණයා ඒ ගැන අනුරාධපුරයේ පන්සල් කිහිපයකම ලොකු හාමුදුරුවරුන් සමග කතා කරල තියෙනව. උන් වහන්සෙල කියල තියෙන්නෙ එහෙම දේවල් වෙන්න පුළුවන් කියලයි.“ කෙසේ වෙතත් තවමත් මේ තරුණයා ඒ හාමුදුරුවන්ව හොයනව. රහතන් වහන්සේ නමක් වැඩිය කියලයි විශ්වාසය.“

මෙම කතාපුවත පමණක් නොවේ නොයෙක් හාස්කම් සිදුවනවායැයි ප්‍ර‍සිද්ධ සිද්ධස්ථාන රැසක්ම අප රටේ ඇත. සෝමාවතිය එවන් හාස්කම් සිදුවන පුදබිමකි. සෝමාවතිය චෛත්‍ය රාජයානන් වහන්සේ වෙතින් බුදු රැස් විහිදෙනු සියැසින් දුටුවෝ බොහෝය. වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍ර‍ම පෙරේරා මහතා එවන් හාස්කම් සියැසින් දුටු අය අතර වනවා. වරෙක උදෑසන කිරි දානය අවස්ථාවේ චෛත්‍ය රාජයාණන් වහන්සේ දෙසින් බෙර හඬක් ඇසී ඇති අතර එම අවස්ථාවේ පෙරහරක් දිස්ව තිබෙනවා. චෛත්‍ය රාජයානන්ට ඉහළින් සුදු ඇත්පැටවකු දිස්වූ අවස්ථා මෙන්ම, වනයෙන් පැමිණෙන එක් දලයක් පමණක් ඇති ඇත් පැටවුකු දුටු අයද වනවා.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයද එවන් හාස්කම් සිදුවන තැනක් ලෙස ප්‍ර‍සිද්ධය වරින්වර රාත්‍රී කාලයට දිඹුලාගල ගිරි මුදුනට ආලෝක ධාරාවන් යන එන අයුරු දුටුවන් බොහෝය. දේවතා එළි වශයෙන් විශ්වාස කරනු ලබන මේ එළි සම්බන්ධයෙන් මෑත වකවානුවේද බොහෝ කතාබහට ලක්විය. ඇතැමුන් දිඹුලාගල ගිරි මුදුන පිටසක්වළ ජීවීන්ගේ තිප්පොලක් බව පවසන්නවුන්ද සිටී.

කැබිලිත්ත වන්දනාවේ යන එන බැතිමතුන් ද එවන් හාස්කම් වලට මුහුණ දුන් අවස්ථා එමටය. වරෙක වන්දනා නඩයක් කැබිලිත්ත දේවාලයට පැමිණ වන්දනා කර දේවාලයේ පුද පූජා තබා නින්දට ගොස් ඇත. හදිසියේම පිරිසේ අයකුගේ බඩ තදින් රිදෙන්නට පටන් ගෙන ඇත. කිසිදු බෙහෙතකි පලක් වුයේ නැත. අවසානයේදී ජීප් රථයේ පැමිණි රියෑදුරු බෝතලයක්‌ ගෙන මේක ආයුර්වේද බෙහෙතක්‌. බීලා බලන්න" යෑයි බඩ රිදීමෙන් හැඬූ පුද්ගලයාට දී තිබෙනවා.

එය පානය කිරීමත් සමඟ සුවය ලැබූ තරුණයා උදැසන බෙහෙත දුන් රියෑදුරුට පිං දුන්නේය. "ඔයා දුන්නු බෙහෙත නැත්නම් මම ඊයේ ජීවිතය හැර යනවා" යෑයි ද ඔහු පවසා තිබෙනවා. රියැදුරු මේ කිසිවක්‌ දැන සිටියේ නැත. ඔහු අන්ද මන්ද වීය. මම ජීප් එකේ නිදාගත්තා. මම මොකවත් ඔයාට දුන්නේ නැහැ යෑයි පැවසීය. තවත් දිනක කෝටිපති ව්‍යාපාරික පවුල්වල තරුණයන් පිරිසක්‌ වනාන්තර ප්‍රදේශ වෙත යා හැකි පරිදි සකස්‌ කළ ජීප් රථ හතරක්‌ සමඟ තරුණියන් දෙදෙනකු ද කැටුව යාල ඔස්‌සේ කුඹුක්‌කන් ඔයට පැමිණ තිබෙනවා. 


කුකුළු මස්‌ හා බැදපු ඉස්‌සන් බයිට්‌ සමඟ විස්‌කි බී ගීත ගායනා කර විනෝද වීමෙන් පසු නැවත පැමිණි අතර ටික දුරක්‌ ගිය විට ඔවුන් ආ ජීප් රථ දෙකක රෝදවල හුළං බැස ඇත. අමතර ටයරය ද දමා ටික දුරක්‌ ගියත්, එම ටයර් දෙකේ ද හුළං අඩුවිය. ජීප් රථ නතර විය. පසුව දින එකහමාරක්‌ කැලයේ අතරමං වූ පිරිස බේරාගත්තේ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසිනි. මෙවන් හාස්කම් සිදුවන බෙහෝ පුදබිම් දිවයිනේ ඇතම් ස්ථාන වල තවමත් අසන්නට දකින්නට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad