ඇමති රාජිත වර්ජනය ගණන් නොගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 5, 2017

ඇමති රාජිත වර්ජනය ගණන් නොගනී

ඇමති රාජිත වර්ජනය ගණන් නොගනී
ගලන ගඟ ආපස්සට හැරවිය නොහැකි අයුරින් කුමන බාධක පැමිණියත් යහපාලන රජය ඉදිරියටම ගමන් කරන බවත් රජය පෙරළීමේ වැඩ වර්ජනවලට බිය නොවන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 
ඔහු මේ බව පැවසූයේ ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින සැමරුම් උත්සවයට අද (05) පෙරවරුවේ සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, 
"මම සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත් වූ පසු ගැටළු රැසක් විසදීමට පියවර ගත්තා. වෘත්තීය සමිති වල ඉල්ලීම් වලට සාකචිඡා මාර්ගයෙන් විසදුම් ලබාදුන්නා. යහපාලන රජය රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000 ක වැටුප් වැඩි කිරීමක් සිදු කරන විට මම සෞඛ්‍ය සේවකයින්ට තවත් දීමනා ලබාදුන්නා. වෛද්‍යවරුන්ට පමණක් රුපියල් 10,000 ක දීමනාවක් ලබාදුන්නා. 

රජය විසින් සෞඛ්‍ය සේවකයින් වෙනුවෙන් වැඩිකළ වැටුපට 2016 ජනවාරි 01 දා සිට අතිකාල දිමනා ගෙවීමට ද තීරණය කර තිඛෙනවා. වසර 11 කට පසුවයි රාජ්‍ය සේවක වැටුප් වැඩි කළේ. එතෙක් පැවැති රජයන් ලබාදුන්නේ දීමනා විතරයි. යහපාලන රජය සෑම ක්ෂේත්‍රයකටම බලපාන පරිදි සහන ලබාදුන්නා. එවැනි සහන ලබාදුන්නත් අපේ රජයට විවිධ බලපෑම් තිබෙනවා.” 
“සෞඛ්‍ය සේවාවට ඉටු කළ සේවය රුපියල් සත වලින් ගණන් හදන්න එපා. ගෝල්ෆේස් රැළියේ දී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා රාජ්‍ය දේපල විකුණන්න එපා කියලා. ගෝල්ෆේස් පිටියේ දකුණෙන් තිඛෙන්නේ හිටපු ජනාධිපතිවරයා විකුණා දැමූ වරාය නගර ඉඩමයි. වම් පැත්තෙන් තිබෙන්නේ හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමට ලබාදුන් ඉඩමයි. ඒවා අමතක වෙලා. අපි එම ඉඩම් සින්නක්කර ලබා නොදී අනුනව අවුරුදු බද්දට පමණයි ලබාදෙන්නේ. 

වැට කඩොලු බිදගෙන අදියරෙන් අදියර ගමන් කරනවා. වර්ජන කරන පුද්ගලයින් රජය පෙරලා දැමීමට උත්සාහ කරනවා. ඔවුන් කාලයක් මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ වලින් ජයග්‍රහණය කරවීමට සහයෝගය දැක්වූවා. එහෙත් එය සාර්ථක වුයේ නැහැ. මෙම බලපෑම් පරාජයට පත් කරනවා. හිටපු අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කළා ගලන ගඟ ආපස්සට හරවන්න බැහැ කියලා. ඒ ආකාරයට වත්මන් රජයත් ගමන නතර කරන්නේ නැහැ. සියළු දෙනාම එකම ධජයක් යටතට ගෙන ඒමට කටයුතු කරනවා.“ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය. 

No comments:

Post a Comment

Post Bottom Ad