"කනගාටුදායකයි" - වර්ජනය ගැන ජනපති කතා කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 5, 2017

"කනගාටුදායකයි" - වර්ජනය ගැන ජනපති කතා කරයි

සයිටම් පෞද්ගලික වෛද්‍යවිද්‍යාලය පදනම් කර ගනිමින් නිර්මාණය වූ ගැටලූ නිරාකරණය කිරීම සදහා වගකිවයුතු රජයක් ලෙස ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසක් ගෙන ඇති අවස්ථාවක දේශපාලන න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කරමින් ඇතැම් පිරිසක් වැඩ වර්ජනවල නිරතවීම පිළිබද තමා දැඩි කනගාටුව පළකරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ අද (05) පෙරවරුවේ අනුරාධපුරයේ පැවති උත්සවයකට එක්වෙමිනි. දේශපාලන අතකොලු බවට පත් නොවී තමන්ගෙත්, රටේත් අනාගතය වෙනුවෙන් තම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්නා ලෙස මෙහිදී සියලූ වෛද්‍ය පීඨ සිසුන්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා රටේ අධ්‍යාපනයේ දී කිසිදු දරුවෙකුට අසාධාරණයක් වීමට තමා ඉඩ නොතබන බව ද අවධාරණය කළේය.
සයිටම් පෞද්ගලික වෛද්‍යවිද්‍යාලය පිළිබද මතුවූ ගැටලූ රැසකට රජය මේ වන විට විසදුම් ලබාදී තිබෙන අතර අදාළ සිසුන් සදහා සායනික පුහුණුව අනිවාර්යය කිරීම, ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව අනුමත කරන පරීක්ෂණයට අනිවාර්යයෙන් පෙනී සිටීම, වෛද්‍ය උපාධියක අවම සුදුසුකම් නිවේදනය කිරීම, අදාළ පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීම, තනි පුද්ගලයෙක් සතුව තිබු ආයතනය සාමුහික ව්‍යාපාරික ආයතනයක් බවට පත් කිරීම, ආයතනයේ පරිපාලනය රජය විසින් නිර්දේශ කරනු ලබන පාලක මණ්ඩලයක් යටතට පත්කිරීම ඇතුළු පියවර රැසක් මේ යටතේ ගෙන තිබෙන බව ද ජනාධිපතිවරයා පැවසීය. 
දේශපාලන අවශ්‍යතා අනුව සිදුකෙරෙන මෙම වැඩවර්ජන තුළින් පීඩාවට පත්වන්නේ වරප‍්‍රසාදලත් පංතිය නොව රටේ අහිංසක පොදු මහජනතාව බවද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ගැටලූවක් ඇත්නම්  ඕනෑම වෘත්තීය සමිතියකට රජය සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව තිබෙන බව ද කියා සිටියේය. 
සමස්ථ ලෝකවාසී බෞද්ධ ජනතාවටම බෞද්ධ දර්ශනය පිළිබද උතුම් පණිවිඩය ලබාදෙමින් එක්සත් ජාතින්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙල මෙවර ශී‍්‍ර ලංකාවේදී උත්කර්ෂවත් අන්දමින් සැමරීමට සියලූ කටයුතු සූදානම් කර ඇති මෙම අවස්ථාවේ පොදු ජනතාවගේ ජන ජීවිතය අඩාල කරමින් සහ රට නොසන්සුන් කරමින් වෛද්‍යවරුන්ගෙන් කොටසක් ඇතුලු වෘත්තීය සමිති කිහිපයක් වැඩ වර්ජනවල නිරතවීම ඉතා කනගාටුදායක බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad