වෛද්‍ය පාදෙණිය නවලෝක චැනල් සේවා අවලංගු කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 5, 2017

වෛද්‍ය පාදෙණිය නවලෝක චැනල් සේවා අවලංගු කරයි

වෛද්‍ය පාදෙණිය නවලෝක චැනල් සේවා අවලංගු කරයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නවලෝක පෞද්ගලික රෝහලේ චැනල් සේවාවට අද(05) නොපැමිණෙන බව දැන්වූ බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
අද පෙරවරුවේ හදිසියේම වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා චැනල් සේවාවට නොපැමිණෙන ලෙස දන්වා ඇති බවත් ඒ සඳහා තමාගෙන් අයකර ගත් මුදල් ආපසු ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවත් රන්ජන් රාමනායක මහතා පැවසී ය.
රන්ජන් රාමනායක මහතා විසින් වැඩවර්ජනයක් පැවැත්වෙන අද(05) පස්වරු 04.05ට නවලෝක පෞද්ගලික රෝහලේදී විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා චැනල් කර මුදල් ගෙවා තිබෙන රිසිට් පතක් ලබා ගෙන තිබිණි.සයිටම් ආයතනය සම්බන්ධ රජයේ තීරණය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කිරීම සඳහා රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් අද සංකේත වැඩ වර්ජනයක් දියත් කළේය. 
කෙසේවෙතත් රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ වැඩවර්ජනය ක්‍රියාත්මක වන අද දවසේ පුද්ගලික චැනල් සේවාවලද සියලු වෛද්‍යවරුන් කටයුතු සිදු නොකරන බවයි. එම සංගමයේ ප්‍රධාන තනතුරු දරන වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා රජයේ රෝහල්වල වැඩවර්ජන දියත් කරද්දී පුද්ගලික රෝහල්වල මුදලට සේවය කිරීම ජනතාව අප්‍රසාදයෙන් කතා කරයි. 

No comments:

Post a Comment

Post Bottom Ad