ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය බරපතළ කඩා වැටීමකට ලක්කළ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා දැනට අමාත්‍ය ධුරය දරන විදේශ කටයුතු අමාත්‍යාංශ විෂය යටතට
පවරන්නේ නම් කිසිදු දැනුම්දීමකින් තොරව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය අවධාරණය කරයි.
යහපාලනය ආණ්ඩුවේ පළමු කැබිනට් සංශෝධනය සිදු කිරීමෙන් පසු අමාත්‍යාංශවලට අදාළ විෂය පථය ගැසට් කිරීමේදී මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක් විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පැවරීමේ සූදානමක් පවතින බවට පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් එහි ලේකම් එස්.එස්. මදුරසිංහ මහතා මේ බව පැවැසීය.
මේ මස 27 වැනිදා කොල්ලුපිටිය සී.එස්.එම්. ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන තම සංගමයේ මහ සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
(සිදත් මෙන්ඩිස්)
Wednesday, May 24, 2017
විස්ස තිහේ සෙල්ලම කරපු රවී නැවත අපට එපා - ලොතරැයි සංගමය
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment