වෛද්‍ය වර්ජනයත් සමග ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

වෛද්‍ය වර්ජනයත් සමග ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක්

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කරමින් වෘත්තීය සංගම් කිහිපයක් හෙට දින සිදු කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය පළ කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

කැඳවුම්කරු ඩී.ජේ.රාජකරුණා මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් හෙට දිනයේ තෙල් බෙදා හැරීමේ කටයුතු අඩාල වීමට ඉඩ ඇති බවයි. පසුගියදා 23 වැනිදා ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පැවරීමට විරෝධය පළ කරමින් ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව වැඩවර්ජනයක් ආරම්භ කළ අතර ඒ හේතුවෙන් දිවයින පුරා ඉන්ධන සැපයීමේ කටයුතු අඩාල වුණා.

එහිදී පාරිභෝගිකයන් රැසක් දැඩි අපහසුතාවයට පත් වු අතර හෙට දිනයේ දී එවැනි තත්ත්වයක් ඇති විය හැකි බව රාජකරුණා මහතා කියා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad