'අයි.එස්'ලා ගෙදරට ඇවිත් HIV පතුරුවන ආරංචිවලට පොලිසියෙන් උත්තරයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

'අයි.එස්'ලා ගෙදරට ඇවිත් HIV පතුරුවන ආරංචිවලට පොලිසියෙන් උත්තරයක්

ලේ පරීක්‍ෂා කිරීම්වලට පැමිණි බව පවසමින් නිවෙස්වලට එන කණ්ඩායමක් සම්බන්ධයෙන් මේ දක්වා දිවයිනේ කිසිදු පොලීසියකට පැමිණිල්ලක් ලැබී නැතැයි පොලීසිය පවසනවා. එලෙස නිවෙස්වලට පැමිණෙන කණ්ඩායමක් විසින් රුධිර සාම්පල  ලබාගත් බවට පල වන වාර්තා සම්බන්ධයෙන් ද කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවයි අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේ.

එච්.අයි.වී පරීක්‍ෂා කිරීමට, ඩෙංගු පරීක්‍ෂා කිරීමට හෝ වෙනත් පරීක්‍ෂාවන් සඳහා රුධිරය සාම්පල් එකතු කරන බව පවසමින් සංවිධානාත්මක කල්ලියක් රාජ්‍ය ආයතනවල පවා නම භාවිත කරමින්, නිවෙස්වලට පැමිණෙන බවට ෆේස්බුක් සහ වෙනත් සමාජ වෙබ් අඩවි හරහා පැතිර යන තොරතුර සම්බන්ධයෙන් අප කළ විමසීමකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළා.

නිවෙස්වලට පැමිණෙන අදාළ කණ්ඩායම රුධිර සාම්පල ලබාගන්නා මුවාවෙන් ඒඩ්ස් රෝගය ව්‍යාප්ත කරන බවටත්, එය පිටුපස අයි.එස් ත්‍රස්ත සංවිධානය සිටින බවටත් දැක්වෙන වාර්තා මේ වන විට සමාජ වෙබ්අඩවි තුළ හුවමාරු වෙමින් පවතිනවා. නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා වැඩිදුරටත් සඳහන් කළේ සමාජ මාධ්‍ය හරහා පමණක් පැතිර යන මෙම තොරතුර පිළිබඳ අනියත බියක් ඇති කර ගත යුතු නොවන අතර, මෙවැනි කණ්ඩායමක් කිසිදු ප්‍රදේශයක රුධිර සාම්පල් ලබා ගත් බවට හෝ තොරතුරක් පොලීසියට වාර්තා නොවන බවයි.
   
ජනප්‍රිය ගයන ශිල්පී චාමර වීරසිංහ ද  සිය facebook ගිණුමේ අදාළ තොරතුර පළ කර තිබුනේ මෙලෙසයි.


 

No comments:

Post a Comment

Post Bottom Ad