ඉන්දියාවේදී ඇල්ලූ අංගොඩ ලොක්කාට වෙන දේ මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 23, 2017

ඉන්දියාවේදී ඇල්ලූ අංගොඩ ලොක්කාට වෙන දේ මෙන්න

චෙන්නායි හිදී අත්අඩංගුවට ගැනුණු සමයං ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන අංගොඩ ලොක්කා නැමැත්තා සහ ලඩියා නැමැති සැකකරු කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු කියා සිටියේ මෙම සැකකරුවන් දෙදෙනා අදාළ ඝාතන සිද්ධියට සම්බන්ධ මදූෂ් නැමැති පාතාල කල්ලි නායකයා රැදී සිටින ඩුබායි වෙත ගමන් කිරීමට උත්සාහ කිරීමේදී ඉන්දීය ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පසුගිය පෙබරවාරි මස 27 වන දා කළුතර – එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් අරුණ දමිත් උදයංග හෙවත් සමයං සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පසුව හෙළි වුණේ ඝාතන සිද්ධිය ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා සහ මදූෂ් නැමැති පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනාගේ සැලසුමක් බවයි. ප්‍රහාරයෙන් දින දෙකකට පසු අංගොඩ ලොක්කා සහ ඔහුගේ සමීපතමයෙකු වන ලඩියා නැමැත්තා මුහුදු මාර්ගයෙන් චෙන්නායි නුවරට පළා ගොස් තිබුණා.

පසුව ඒ බව ඉන්දීය පොලීසියට දැනුම් දී ඇති අතර, ඒ අනුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad