රංජිත්ගේ ඇමැති ධූරය සුසිල්ට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 16, 2017

රංජිත්ගේ ඇමැති ධූරය සුසිල්ට

උතුරු මැද පළාත් සභාවේ නව ප‍්‍රවාහන, ක‍්‍රීඩා හා යෞවන කටයුතු, සමුපකාර, වෙ‍‍ළෙඳ හා ආහාර සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත‍්‍රි සුසිල් ගුණරත්න මහතා අද (16) උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බි.දිසානායක මහතා ඉදිරියේදි දිවුරුම් දුන්නේය.

හිටපු ප‍්‍රවාහන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා පළාත් සෞඛ්‍ය අමාත්‍ය කේ. එච්. නන්දසේන මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරිමට විරෝධය පළ කරමින් සිය තනතුරින් ඉවත් විම හේතුවෙන් පුරප්පාඩු වු මෙම අමාත්‍ය ධුරයට සුසිල් ගුණරත්න මහතා පත් කර තිබේ.

පසුගිය 10 වනදා උතුරු මැද පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබ සාධන, පරිවාස හා ළමාරක්‍ෂක පරිසර හා පළාත් සභා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කේ. එච්. නන්දසේන මහතා එම ධුරයෙන් ඉවත් කොට එම පළාත් සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී එම්. හේරත් බණ්‌ඩා මහතා පත්කළේය. 

පසුව ඊට විරෝධය පළ කරමින් එම පළාත් සභාවේ ප්‍රවාහන, ක්‍රීඩා හා යෞවන කටයුතු, ආහාර, වෙළෙඳ හා සමුපකාර කටයුතු පිළිබඳ අමාත්‍ය එස්‌. එම්. රංජිත් මහතා ද සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්‌විය.
ඒ අනුව එම පළාත් අමාත්‍ය ධූරය පුරප්පාඩු වී තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad